මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක්

Date:

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සිදු කිරීමට නියමිත අතර, විදේශ අමාත්‍යාංශය පවසන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වන බවය.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන්සහභාගී වීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරය මේ වන විට ජිනීවා හිදී පැවැත්වෙන අතර , ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය හමුවේ නැවත අවධාරණය කර තිබෙන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය සැසිවාරයේදී සම්මත කළ 51/1 යෝජනාවලිය පිළිනොගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව සම්මත කර ඇති එම යොජනාවලිය මගින් තම රටට කිසිදු යහපතක් ඇති නොවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හිමාලි කරුණාතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...