රටක දියුණුව රඳා පවතින්නේ එම රටෙහි ඇති කර්මාන්ත මතය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ඒ අනුව කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතුය. එහෙත් දිරියෙන් ඉදිරියට යන කර්මාන්ත කරණයක් පැවතීමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා රටක් බවට පත් වීමට අපේ රටට පුළුවන. අපේ රටේ කර්මාන්ත ශාලා බිහි කළ යුතු බව මුලින්ම පැවසුවේ දේශීය චින්තනයෙන් රට අවදි කළ අනගාරික ධර්මපාලතුමා බව සිහිපත් කළ යුතුව ඇත. අමෙරිකාව, ජපානය වැනි රටවල සංචාරය කළ අනගාරික ධර්මපාලතුමා දේශීය කෘෂි කර්මාන්තයට සමගාමී අයුරින් දේශීය කර්මාන්තශාලා ද බිහි කළ යුතු බව එතුමාගේ දෙසුම්වල දී ප්‍රකාශ කළේය. ඒ අනුව අත්යන්ත්‍ර, පේෂකර්ම මධ්‍යස්ථානයක් රාජගිරියේ පිහිටුවා රටට අවශ්‍ය රෙදිපිළි නිෂ්පාදනය කිරීම එතුමා ආරම්භ කළේය.
විශේෂයෙන් එහිදී ඒ යුගයට සරිලන අයුරින් තාක්ෂණික දැනුම දීමට ද එතුමා පියවර ගත්තේය. ඒ අනුව අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු පාසලක් ද රාජගිරියේ ආරම්භ කළේය. තවද නිල් හේවාවිතාරණ මහතා ජපානයට යවා එහි තාක්ෂණික දැනුම දීමට පියවර ගත්තේය. එසේ ලබා ගත් තාක්ෂණික දැනුමෙන් අපේ රටේ දේශීය කර්මාන්තයක් වූ අලියා ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ද අනගාරික ධර්මපාලතුමාට හැකි විය. මෙවැනි කර්මාන්තශාලා ආරම්භ කිරීමෙන් විශාල ජනතාවකට රැකියා උත්පාදනය කොට එකී නිෂ්පාදන තුළින් රටේ මුදල් රටටම හිමි කර දීමට එතුමා ක්‍රියා කළේය. එය හෙට දිනයේ පැහැදිලි අනාගතයක පෙර නිමිති අපේ රටේ ව්‍යාපාරිකයන්ට දුන් අවස්ථාවකි.
අනගාරික ධර්මපාලතුමා දේශීය සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කළා සේම රටේ දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට ක්‍රියා කළේය. වෙනස් වෙන ලෝකයේ වෙනස්කම් දැක එවැනි දෑ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න ධර්මපාල චින්තනයෙන් පැහැදිලිය. මිනිසුන් අලසව නොසිට දිරියෙන් ඉදිරියට යන දර්ශනයක් එතුමා පෙන්වා දුන්නේය. කර්මාන්තශාලාව තුළින් දේශීය අවශ්‍යතාවයන්ට මෙන්ම වෙනත් රටවල් වලට ටයර් අපනයනය කොට විදේශ විනිමය සපයා ගැනීමට පවා හැකි විය. ඔරුවල වානේ සංස්ථාව ආරම්භ කොට අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළේය.
යක්කල ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව ආරම්භ කොට කැත්ත උදැල්ලේ සිට කෘෂිකාර්මික ජනදිවියට අවැසි මෙවලම් නිෂ්පාදනය කොට දේශීය ගොවි ජනතාවගේ අවශ්‍යතා පමණක් නොව යන්ත්‍රෝපකරණ මෙන්ම ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කළේය. තුනි ලෑලි සංස්ථාව ආරම්භ කොට දේශීය දැව අවශ්‍යතා සපුරාලීමට සමත් විය. එකල කන්නෙලිය රක්ෂිතයේ ඉවත් කළ යුතු ගස් කැපීමට අවසර දුන්නේය. ඒ රක්ෂිතයට හානියක් නොවන අයුරිනි. ඒ සමඟම ඊට සරිලන අයුරින් නැවත වන වගාව ද ආරම්භ කළේය. මී මැස්සා මල නොතලා රොන් ගන්නා සේ අපේ පරිසරයට හානියක් නොකොට ඒ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට ක්‍රියා කළේය.
රටේ ශ්‍රම බළකායට ඉතාම පහසුවෙන් රැකියා උත්පාදනය කළේය. ජනසතු ව්‍යාපාර හරහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. මේ තත්ත්වය බණ්ඩාරනායක යුගයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඊට නොදෙවෙනි අන්දමින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුවාය. තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, පේෂ කර්මාන්ත ශාලා ඇති කොට දේශීය රෙදි පිළි කර්මාන්තය ඉහළ නැංවූවාය. විශාල වශයෙන් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දීමට ක්‍රියා කළාය. ඒ අනුව එකල තරුණ තරුණියන්ට හොඳ රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබුණි.
රටක් වශයෙන් අපට නැඟී සිටීමට හැකියාව ඇත්තේ දේශීය නිෂ්පාදන ඇති කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමට පෙරාතුව සිට ජනතාව දැනුම්වත් කළේය. ඒ අනුව එතුමාගේ ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාවට නැංවීමට විශාල කැප කිරීමක් සිදු කොට ඇත. 77න් පසු ඇති වූ විවෘත ආර්ථිකයෙන් සිදු වූයේ අපේ රට සහ අපේ රටේ ජනතාව විදේශ වෙළෙඳපොළ අරක් ගෙන සිටින රටවල් වල පාරිභෝගිකයන් බවට පත් කිරීම පමණි.
මේ කනගාටුදායක තත්ත්වයෙන් රට මුදාගෙන ස්වශක්තියෙන් නැඟී සිටින රටක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වර්තමාන රජයේ බලාපොරොත්තුවයි. විවිධ බාධක කම්කටොලු අභියෝග හමුවේ ඒ කටුක මාර්ගයේ ගමන් කිරීම වර්තමාන ආණ්ඩුවේ දැක්මයි. ඒ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය නිෂ්පාදන වැඩි දියුණු කොට දේශීය ව්‍යාපාරිකයන් සවිබලගැන්වීම රජයේ එකම අපේක්ෂාවයි.
කොවිඩ් අභියෝගය මතින් ද රටේ ව්‍යාපාරික ප්‍රජාව ඒ දියුණුව සාක්ෂාත් කරගෙන තිබෙන පැහැදිලිය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ගත් තීන්දු තීරණ ඵලදායි වූ බව ද සිහිපත් කළ යුතුව ඇත. පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු ඉතා ක්‍රමවත්ව සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව යමින් ක්‍රියා කළ නිසා දේශීය කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික වෙළෙඳපොළ ජය ගැනීමට හැකි විය.
~ ශම්මි Facebook
Sponsored Article