පොලිස් කාන්තාවකට ලිංගික අතවර කිරීම : කල්පිටිය හිටපු OIC රිමාන්ඩ්

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි කල්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති නිශාන්ත කුමාර මාර්තු 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ.

ඒ, හිටපු ස්ථානාධිපතිවරයා විසින් පැමිණිලිකාරියට බලපෑම් කිරීම පිළිබදව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

සැකකාර හිටපු ස්ථානාධිපතිවරයා මෙම නඩුව මීට පෙර කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම ද විශේෂත්වයකි.

එසේවෙතත් ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබුණි.

සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ නිර්දේශ යටතේ පෙබරවාරි මස 15 දින සිට වැඩ තහනමට ලක්කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...