ගමේ බලය අපට ඕනෙ. මේ ඡන්දයෙන් මහමැතිවරණයට වඩා ඉහළ ජයක් අපට ලැබෙනවා – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පසුගිය මහමැතිවරණයටත් වඩා ඉහළ ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මේ රටේ ජනතාව පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල විශාල තීන්දුවක් ගත්තා සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඉතින් ඒ සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තවදුරටත් ඉදිරියට යනවායි කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ. ඉතින් කවුරු සන්ධානගත වුණත් අපට ඒක ගැටලුවක් නෙවෙයි”

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ගත්තු ජයග්‍රහණයම ගන්න අවස්ථාවක් ලැබෙයිද ?

“අපි හිතනවා ඊට වඩා ඉහළ ජයග්‍රහණයක් අපට මේ මැතිවරණයේදී ලැබෙනවා”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලාගේ සටන් පාඨය මොකක්ද මේකෙ ?

“ගම හදන්න – අපට දෙන්න කියන එක. අපි තවම තේමාව අවසන් කරගෙන නෑ. කෙසේවෙතත් ගමේ බලය අපට ඕනෙ. මොකද අපි දන්නවා මිනිසෙක්ගේ උපතේ සිට මරණය දක්වා බොහෝ දෛනික කටයුතුවලට අදාළ ආයතනය තමයි ඒ පළාත් පාලන ආයතනය. ඉතින් ඒ ආයතන වංචාවෙන් දූෂණයෙන් අක්‍රමිකතාවයෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් තමයි රටේ ජනතාවට ඒ තමන්ගෙ පළාත් පාලන ආයතනයෙන් ඉටුකරගත යුතු වැඩ කොටස ඉටු කරගන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා රටේ ජනාධිපති ධුරය, ඒ වගේම පාර්ලිමේන්තුව අපට ලබාදුන්නා වගේම ඒ පළාත් පාලන ආයතනත් අපට ලබාදීම තුළ වඩාත් හොඳ සේවාවක් ජනතාවට ලබාගන්නට හැකියාව තියෙනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 06) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2024 මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ක් ලබාගනිමින් 61.56% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...