දළදා දැක්මට සමගාමීව ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් මහනුවර දී!

Date:

කොළඹ LNW:දළඳා දැක්මට සමගාමිව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත්වීම මත අද (07) සිදු කෙරිණි.

දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර පැමිණෙතැයි විශ්වාස කරන ලක්ෂ විස්සකට ආසන්න ජනතාව මත් උවදුරින් බේරා ගැනිම සඳහා රජය දියත් කොට ඇති වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක විය.

සැහැදැවතුන් තමන්ට අවශ්‍ය ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමේදී මිනිස් ජීවිතයට අහිතකර බලපෑමක් සිදුකළ හැකි ඖෂධ අලෙවි කිරීමේදී නියමිත නිර්ණායක භාවිතා කිරීම පිළිබදව වඩාත් විමසිලිමත්වීමට වෙළඳ සැල් හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට ගැනීම, අධී මාත්‍රා ඖෂධ අලෙවියේදී විමසිලිමත්වීම සහ බාලවයස්කාර දරුවන් සඳහා ඖෂධ අලෙවි කිරීමෙන් වැළකිම ඇතුලු කරුණු රැසක් පිළිබදව මෙහිදී දැනුවත් කෙරිණි. ඔසුසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ස්ටිකරයක් ඇලවීම ද මෙහිදි සිදුවිය.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් වූ මෙම වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් බාහිර සේවා නිලධාරී ටී.ආරියරත්න මහතාගේ මෙහෙයවීම මත මහනුවර මූලස්ථාන පොලීසිය, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණී.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...