සෝදිසි මෙහෙයුමක් අතරතුර ගැටුමකින් පොලීසියේ 8 දෙනෙකුට තුවාල

Date:

වීරකැටිය – අත්තනයාල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ප්‍රදේශවාසීන් පිරිසක් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

වීරකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් අත්තනයාල ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුව පරීක්ෂා කිරීමට යාමේදී ගැටුම හටගෙන ඇති බව සඳහන්.

ගැටුමෙන් තුවාල ලත් පොලිස් නිලධාරියකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ ප්‍රදේශවාසීන් දෙදෙනා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...