තීරණය ලබන 14 වනදා …

Date:

අභියාචනාධිකරණය අද (7) නියෝග කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන්න තීරණය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දුනි. මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණි පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණ හමුවේ මීට පෙර කරුණු දක්වමින් එම නඩුකරය පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම යෝග්‍ය බව දන්වා සිටියි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසිනි. එම පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට සිතාසි නිකුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...