ඇමතිකමෙන් අයින් වෙන්නෑ. අපි පක්ෂ 11 ම ආණ්ඩු පක්ෂයේ තමයි අසුන් ගන්නේ – වාසු

Date:

විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට්‍ රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එසේ අමාත්‍ය ධුරය අත්හැරීම තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමත නොකළ බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී තමන් අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ බව පැවසූ ඒ මහතා ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 ම එසේ ආණ්ඩු පක්ෂයෙහි අසුන් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

මේ අතර සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට ආරාධනාවක් ලැබුණොත් කුමක් කරන්නේදැයි විමසීමේදී ඒ මහතා පැවසුවේ එවන් ආරාධනාවක් පිළිනොගන්නා අතර එවන් ආරාධනාවක් කිරීමට හේතුවක් ද නොමැති බවයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...