ආණ්ඩු බලය කියන්නෙ මොකක්ද කියලා විමල්ලා ගම්මන්පිලලා දැනගෙන හිටියෙ නෑ – ජොනී

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ආණ්ඩු බලය යනු කුමක්දැයි නොදැන සිටි අතර ඔවුන්ව වෙන වෙන පුද්ගලයින් විසින් පාවිච්චි කෙරුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“කණගාටුවට කරුණ, අපේ සමහර මිත්‍රයෝ ආණ්ඩු බලය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියෙ නෑ. ඒගොල්ලො වෙන වෙන දේවල්වලට අහුවුණා. වෙන වෙන අය පාවිච්චි කරන්න ගත්තා ඒගොල්ලන්ව. ඒ නිසා ඒ ඇමතිතුමා එළියට ඇවිල්ලා කියනවා ‘තෙල් තියෙන්නෙ දවස් 4යි, තෙල් තියෙන්නෙ දවස් 7යි, ඩොලර් දෙන්නෙ නෑ, ඩොලර් දෙන්නෙ මිදි ගන්නයි ඇපල් ගන්නයි, ඒ හින්දා තෙල් ගේන්න මට සල්ලි නෑ, මට සල්ලි දුන්නොත් මම තෙල් ගේනවා’ කියලා. ඒක කියන්න ඕනෙ ඇතුළෙ. ඒ කලබලකම් සාමාන්‍යයෙන් ඇති කරන්නෙ විපක්ෂය.

දැන් ඒගොල්ලො බනිනවා, නොයෙක් දේවල් කියනවා, නොයෙක් ප්‍රකාශ කරනවා, ඒවා අපට ගැටලුවක් නෙවෙයි. හැබැයි අපි කියනවා අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් විතරක් නෙවෙයි, මේ තියෙන සියලුම ගැටලු ටික විසඳලා මේ රට අපි ගොඩනගනවා ගොඩනගනවාමයි කියලා අපි තමුන්නාන්සෙලාට කියනවා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...