මම තවදුරටත් මාළිමාවට විවේචනාත්මක සහය දක්වන්නෙක්මි.. නමුත් දැන් අවශ්‍ය විවේචන නොව කොන්දේසි විරහිත සහය පමනක් බව බොහෝ මාළිමා ක්‍රියාධරයන්ගේ අදහසයි..මට එය පිලිගතක නොහැක .. මන්ද ඕනෑම බලවේගයක වැරදි නිවැරදි කරගත හැක්කේ එය සමාජ අවකාශයේ වර්ධනය වෙමින් තිබෙන අවදියේ පමණි.. ඒ බලවේගය වැරදිද අඩංගු ස්තිථික ඝනයක් බවට පත්වූ පසු එය නිවැරදි කිරීම නොකල හැක්කකි…
අනෙක කොන්දේසි විරහිත සහය දක්වන්නෙකු වීම යනු ප්‍රචාරකවාදී කඩේයන්නෙකු බිහිවීමකි…එවන් තත්වයක් නිර්මාණය වීමෙන් මාළිමාවේ මෙන්ම සහය දක්වන්නාගේ කොළිටිය පහත වැටේ..
මාගේ මේ විවේචනය බලශක්ති අර්බූදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් ඔවුන් කල අදහස් දැක්වීමක් පිළිඹඳවය.. (අදහස පහත සඳහන් වේ)
කාල්මාක්ස් ප්‍රකාශ කර ඇත්තේ මිනිසා වහල් බාවයෙන් නිදහස් වූයේ වාෂ්ප ඇංජිම සොයාගැනීමත් සමඟ බවය.. හේතුව වාෂප බලශක්තිය සොයාගන්නා තෙක් ඒ බලශක්ති හිඩැස පිරවී තිබුනේ කෘර ලෙස බාවිතාවූ මිනිස් ශ්‍රමය විසින් වීම නිසාය..
එසේම ගැහැණිය සදා සිරකර තැබූ දුම් කුස්සියෙන් ගෙදර රෙදි වෙල්ලාවෙන් ඇයව ගලවා ගනු ලබුවේ රයිස් කුකරය, ගෑස්කුකරය සහ වොෂන් මැෂින් බ්ලෙන්ඩර් වැනි තාක්ෂණික උපකරණ විසිනි.. මන්ද ඉලෙක්ට්‍රොනික් යුගයට පෙර ගැහැණිය හොටු කඳුළු පෙර පෙර දැළි කාගෙන සිටි අවදියක් තිබින.. ඇය වංගෙඩි මෝල්ගස් කුරහංග්ස්ල් මිරිස් ගල් අතර දුෂ්කර ශ්‍රමයක් වැගුරූ කාලයක් තිබින.. ඇය ඉන් ගැලවුනේ බ්ලෙන්ඩර්, රයිස් කුකර්, ගෑස් කුකර්, ආගමනයත් සමඟය…
දියුණුව යනු එයයි, එය සමඟ සංයෝග වීමයි.. එසේ නොමැතිව එයින් ඛණ්ඩනය වී ඊනියා ඉතිහාස අතීතකාමී ෆැන්ටසි කරා පල්ලම් බැසීම දියුණුව නොවේ… එසේ කිරීම සමාන වන්නේ විමුක්තිය සොයා අතීත ගම්දනව් කරා ජනයා දැක්කවූ ෆොල්පොට් වාදයටය..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN