*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

බුවනෙක අනු සූරතාවය දිනූ – රටේ බැඩිමින්ටන්වල ජයග්‍රහණයක් වූ HUNDRED Sri Lanka International Series 2025

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 08, (LNW)කොළඹ

HUNDRED Sri Lanka International Series 2025 තරගාවලිය නිමාවට පත් වූයේ අති විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව,පිරිමි කේවල අවසාන තරගයට සුදුසුකම් ලැබූ බුවනෙක ගුණතිලක පිරිමි අනු සූරයා බවට පත් කරමින්ය.ජාත්‍යන්තර අත්දැකීම් ඇති ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී ලේකම් අජිත් විජේසිංහ ප්‍රකාශ කළේ,ජාත්‍යන්තර මට්ටමේ තරගයක තමන් විඳ නැති විශිෂ්ට ජයක් අවසාන පූර් තරගයේදී බුවනෙක ලබා ගත් බවය.ලකුණු 20 – 15 ක් ලෙස ප්‍රතිවාදි ක්‍රීඩකයා ජයග්‍රහණය සඳහා එක් ලකුණක් පිටුපසින් සිටියදී,හඹා විත් ලකුණු 22-20 ක් ලෙස තරගය ජයගත් බුවනෙකට, අවසාන තරගයේදී සූරතාවය දිනූ ලිහිලක් නොදී තරගය තුළම රැඳී ඉන්නට ඉන්දුනීසියාවේ ජෙලාන්ග් ෆජාර් සමත් විය.
හුස්ම ගන්නා තරමේ ලිහිලක් වුව තරගය බුවනෙක නතු කර ගැනීමට ප්‍රමාණවත් බව අවසාන පූර්ව තරග අත්දැකීමෙන් අවබෝධ කරගෙන සිටි ජෆාර්,තරගය පුරාවට දැඩි මානසික ඒකාග්‍රතාවයක් පවත්වා ගනිමින් කටයුතු කළේය.ලකුණු 21 – 18 සහ 21 – 13 ක් ලෙස අවසාන තරගය තමන් සතු කර ගැනීම සඳහා ජෆාර් විනාඩි 42 ක් පුරා බුවනෙක සමඟ ගැටුණේය.


සෙසු තරග අංශවලදී අභියෝගතා සූරතාවලියට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය කරමින්,තායිලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ මට්ටමෙන් තරග වඳිනු දකින්නට ලැබිණ.එි අතරින් කාන්තා කේවල සූරතාවය සඳහා අවසාන තරගයට තායිලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙකුම තරග වැදිණ.ටිඩප්‍රොන් කීබයීසූන් ඒ අතරින් කේවල සූරිය වූවාය.ඇය අතින් ලකුණු 13-21,21-14,21-14 ලෙස විනාඩි 43 ක් පුරා පැවති තරගයෙන් පරාජයට පත් වූයේ ලේන්රාට් චායිවාන් තායිලන්ත ක්‍රීඩිකාවය.


පිරිමි යුගල අවසාන තරගයට ද මැලේසියානු යුගලයන් දෙකක්ම සුදුසුකම් ලබා සිටි අතර එහිදී පිරිමි යුගල සූරතාවයට හිමිකම් කියන්නට සමත් වූයේ බ්‍රයන් ජෙරමි ගූන්ග්ටින්ග් සහ ෆෂ්රික් මොහොමඩ් ෆායිස් ය.අනු සූරතාවය ගොහ් බුන් ශේ සහ වොන්ග් වැන් සීන් හිමි කර ගත් අතර ඔවුන් අතර අවසාන තරගය පැයක කාලයක් පැවත්විණ.ලකුණු තත්ත්වය සටහන් වූයේ 16-21,21-19,21-14 ලෙස ය.


කාන්තා යුගල අවසන් සටන ජපානය සහ කොරියාව අතර පැවත්විණ.පැයකුත් විනාඩි 10 ගෙවී ජයග්‍රහණය තීරණය වූ සටනෙන් ජය ගත්තේ ජපානයේ හිනා ඔසාවා සහ අකාරි සාටෝ ය.කොරියානු ක්‍රීඩිකාවන් වූ කිම් මින් ජි සහ කිම් යු වන්ග් අනු සූරියෝ වූහ.තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 18-21,21-8,21-10 ලෙසය.


මිශ්‍ර යුගල සූරතාවය ජපානයේ යුටා වටනබේ සහ මායා ටගුචි විසින් දිනා ගත්තේ තායිලන්තයේ රචාපෝල් මක්කාසාසිටිහෝර්න් සහ නැටාමෝන් ලයිසුවාන් පරාජය පත් කරමින්ය.ලකුණු තත්ත්වය 21 – 15 සහ 21 – 16 ක් විය.


යන හැමතැනම ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ක්‍රීඩාව ආර්ථිකය සවිබල ගැන්වීමට යොදා ගැනීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රබල කර ගැනීමට යොදා ගැනීමේ සංකල්පය මේ තරගාවලියේ දී ක්‍රීඩා අමාත්‍යංශය යටතේ තිබෙන සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය සම්පූර්ණයෙන්ම නොතකා හැරියේය.රටේ ආර්ථිකය සවිමත් කරන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් හැටියට ඊට දැක්විය යුතු රාජ්‍ය අනුග්‍රහය කිසිවක් මේ තරගාවලිය සඳහා නොලැබිණ.ඒ සියල්ල පසෙකලා බැලුව විට ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩකයින් විශාල පිරිසකට සහ විනිසුරුවන් විශාල පිරිසකට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන අවස්ථාවට රජය සතු බිම හෝ ලබා දීමේදී සහය වීමෙන්,එම ආයතන මේ පොළව තුළ ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට සාධාරණය ඉටු කිරීම හෝ ඔවුන් නොසළකා හැරියේය.


මේ සංවිධාන කාර්යේදී ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතයට සිඳු විය හැකි යහපත පිළිබඳ යම් නිගමණයකට හෝ අනුමානයකට එන්නට මේ තරගාවලි දෙක තිබුණු කාලය තුළ සුගතදාස හෝටලය භාවිතයට ගත් දේශිය විනිසුරුවන්ගෙන් සහ එහි සංවිධාන කටයුතුවල නිරත දේශිය නිලධාරින්ගෙන් ඊට ලැබුණු ආදායම සළකා බැලිය හැකිය.එසේම ක්‍රීඩාවේ දේශිය ව්‍යාප්තිය ගැන අවබෝධයක් ගන්නට ඔවුන් නියෝජනය කළේ කුමන පළාත් ද යන්න ද සළකා බැලිය හැකිය.
මෙය දැන් නිමා වී ඇති තරගාවලියකි.එයට ආණ්ඩුව උපකාර නොකළ අවස්ථාවේ රට වෙනුවෙන් තරගාවලිය පැවත්වීමට නොහැකිවීමේ අපකීර්තිය වසා ගැනීමට මරදාන ශාන්ත ජෝෂඵ් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය පිහිටට ආවේය.එයින් ශ්‍රී ලංකාවට ලැබුණු වාසිදායක තත්ත්වයන් බොහෝ ය.ආණ්ඩුවට රටට යහපතක් වෙන වැඩකට අත ගසන්නට නොලැබිණ.


ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සැකසෙන්නේ ක්‍රීඩාවේ දේශපාලන නායකත්වය හරහා ය.රටට කීර්තිය ආදායම සහ ක්‍රීඩාවට වන සේවය නොසළකා හැර තමන් යටතේ තිබෙන ආයතනයක නිලධාරීන් කටයුතු කර ඇති බව හෝ නොසළකා සිටීම විශ්වාස කිරීමට නොහැකිය.අමාත්‍යවරයාගේ ශබ්ද කෝශයේනම් බැඩ්මින්ටන් තරගාවලියට ආණ්ඩුව පැත්තෙන් සිඳු වූ අසාධාරණයට “සොරි“ කීම අපේක්ෂා කිරීමට අපහසුය.ඔහු බොහෝ විට කතා කරන්නේ අමාත්‍යවරයා යනු එසේ කිවිය යුතු පුද්ගලයෙකු නොවන්නෙක් ලෙස සිතමින්ය.


එහෙත් මේ වරදට වගකිව යුත්තේ සහ තමන්ගේ රාජ්‍ය සම්බන්ධයෙන් ක්‍රිඩාවට විය යුතු වගකීම යුතුකම අපහාසයට ලක් කරන ලද නිලධාරියා සම්බන්ධයෙන් පියවරක් ගත හැකිය.ප්‍රසිද්ධ වරදක් වන එම වරද සම්බන්ධයෙන් එය කරන ලද නිලධාරියාට කරන ලද අවවාදයක් හෝ වාර්තා නොවන්නේ,මේ ආයතන ක්‍රීඩාවේ ජාතික සුභ සිද්ධිය පිණිස නොව එහි ව්‍යාපාරික අරමුණට පමණක් සීමා කර තබා ගන්න උත්සාහ කරන පිරිසට අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමිවන බව ද?
ඒ අදහසම මේ පොළවේ ක්‍රීඩාවේ වර්ධනයට අවශ්‍යය කරන ගැටළුකාරී තත්ත්වයන් හොඳින්ම දන්න සුගත් තිලකරත්නත් සතුව ඇද්ද? මුනිවත රකින ඔහු හෝ මේ මහා බාධාව ඇති කරමින් ජාත්‍යන්තර මට්ටමෙ රටට පලදායි වැඩක් කරපු ක්‍රීඩා සංගමයක ක්‍රියාවලියට රජයේ සහයෝගය ලබා ගැනීම වැළක් වූ නිලධාරීන් ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්න යෝජනා කරන්නේවත් නැද්ද?

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan