ඉතිහාසයේ පළමු වරට අපි Gender Sensitive අයවැයක් ඉදිරිපත් කළා – ඇමතිනි සරෝජා පෝල්රාජ්

Date:

කොළඹ LNW:නිදහසින් පසු 76 වසරක ඉතිහාසය තුළ පළමු වරට ජෙන්ඩර් සෙන්සිටිව් අයවැයක් ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසුවේය.

76 වසරක නිදහස් ඉතිහාසය තුළ ආර්ථික ඉපයීම් කාර්ය වෙනුවෙන් කාන්තාව සම්බන්ධ වුවද ප්‍රතිලාභ බුක්ති විදින තැනදී ඇයට හිම්වුනේ අසමාන තැනක් බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

”ලංකාවේ වසර 76ක නිදහසින් පසු දේශපාලන ඉතිහාසය තුළ නොයෙක් වර ආර්ථික ඉපයීමේ කාර්යයට කාන්තාවන් කොයිතරම් දායක කරගත්තත් ඒකේ ප්‍රතිලාභ බුක්ති විදින තැනදී කාන්තාවන්ට හිමිවුණේ අසමාන ස්ථානයක්. එහෙම නැත්නම් අඩු තැනක්. අන්න ඒ හන්දම මෙවර අයවැයේදී අපි දන්නවා ලංකා ඉතිහාසයේ පළමුවරට ස්ත්‍රී පාර්ශවය ගැන ගැහැණුන් ගැන සංවේදී වන ජෙන්ඩර් සෙන්සිටිව් බජට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන එක අපි සතුටින් කියනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ අයවැයේදී අපි දන්නවා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විදිහට අපිට තියෙන එකම වගකීම මුදල්මය වශයෙන් වෙන්කරල තියෙන ප්‍රතිලාභවලින් ජනතාවට සහන සලසන්නේ කොයිවගේද සුභසාධන සලසන්නේ කොයිවගේද කියන කාරණාව විතරක් නෙවෙයි වසර විසි ගණනක අමාත්‍යාංශයේ ලිපිලේඛන මම පරික්ෂා කළා. අමාත්‍යවරුන්ගේ කාර්යභාරය මම පරීක්ෂා කළා. අරගෙන තිබෙන තීන්දු තීරණ ගැන කල්පනා කළා. ඒ ගැන හිතල බලද්දී අපේ රට ඇතුලේ විශාල වශයෙන් ප්‍රතිපත්ති තීන්දු වලින් සංස්කරණය කළ යුතු දේවල් ගොඩක් තියෙනවා එක මා සොයාගෙන තිබෙනවා.”

මේ අතර ස්වාධීන පුද්ගලයෙක් ලෙස ගැහැණිය කියන මිනිස් සත්වයා භාරගත හැකි සමාජයක් වෙනුවෙන් ආකල්පම සංවර්ධනයක් ව්‍යුහාත්මක සහ නෛතික සංවර්ධනයක් සහිත රටක් අනිවාර්යයෙන් ගොඩනගන බවද අමාත්‍යවරිය අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...