ජනාධිපති රනිල් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිත එම සාකච්ඡාව සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.

මෙහිදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන්ය. ඊයේ (07) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවත් වූ අතර එහිදී වෘත්තීමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඒකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.මේ අතර අද දිනයේ එක්දින වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ රජයට එරෙහි විරෝධතා දැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...