ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

Date:

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB)  සමග සම්බන්ධීකරණයෙන්, 2022 පෙබරවාරි 28 සිට මාර්තු 03 වැනි දින දක්වා සෞදි අරාබි රාජධානියේ ජෙඩා හි පැවැත්වෙන සෞදි අරාබියේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ආහාර පාන වෙළඳ ප්‍රදර්ශනය වන “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා තේ මණ්ඩල සමූහය යටතේ එම්/එස්. බැසිලර් ටී එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම සහ ශ්‍රී  ලංකා තේ මණ්ඩලය කණ්ඩායම් ස්ථාවරයක් දරයි.මෙම ප්‍රදර්ශනයේ දී සිය නිෂ්පාදන විදහා දැක්වූ ප්‍රදර්ශකයන් 80 දෙනෙකු පමණ වූ පිරිස අතරට ශ්‍රී ලංකාවේ අනෙකුත් තේ අපනයන සමාගම් කිහිපයක් ද ඇතුළත් විය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා විසින්  “Foodex Saudi 2022” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ජනරාල් ටී. එෆ්. එම්. ආෂික් මහතා සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය (වාණිජ්‍ය) සංජීව පට්ටිවිල මහතා යනාදීහු ද සමාරම්භක උත්සවයට සහභාගි වූහ. ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන මණ්ඩලයේ තේ ප්‍රවර්ධන නිලධාරී කාවින්ද ඉලේපෙරුම මහතා මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කළේය.

මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයන් විසින් කර්මාන්ත වෘත්තිකයන් අතර ව්‍යාපාරාන්තර රැස්වීම් පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලදි. සෞදි අරාබියේ තේ ආනයනය කරන්නන් කිහිප දෙනෙකු ලංකා තේ ආනයනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියට පැමිණියහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 මාර්තු 07 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...