Softlogic බංග්ලාදේශ සිල්ලර වෙළඳපොළට පිවිසෙ​යි

Date:

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Agora Limited හි 100% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට Softlogic Retail Holdings (Private) Limited කටයුතු කරනු ලබන බව නිවේදනය කර සිටී.

හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ එහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට යටත්ව සහ නියාමන අනුමැතිය ලැබීමට යටත්ව ගනුදෙනු මාලාවක් මගිනි.

Agora Limited යනු බංග්ලාදේශයේ ඩකා අගනුවර මූලස්ථානය කර ගත් දෙපාර්තමේන්තු ගබඩා සහ සිල්ලර වෙළඳසැල් දාමයක් ක්‍රියාත්මක කරන සිල්ලර සුපිරි වෙළඳසැල් ජාලයකි. Agora සතුව බංග්ලාදේශයේ විවිධ ප්‍රමාණයේ සුපිරි වෙළඳසැල් 18ක් ඇත – ඉන් 15ක් ඩකාහි ද, 2ක් සිල්හෙට්හි ද, 1ක් චැටෝග්‍රෑම් හි ද පිහිටා ඇත.

Softlogic Retail Holdings සතු මෙහෙයුම් වලට සන්නාමගත ඇඟලුම්, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන සිල්ලර හා බෙදාහැරීම්, සුපිරි වෙළඳසැල් සහ ඉක්මන් සේවා අවන්හල් (quick service restaurants) ඇතුළත් වේ. Softlogic Retail Holdings (Private) Limited යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ සමාගමක් සමූහයක් වන Softlogic Holding PLC හි අනුබද්ධ සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...