අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නෑ. නැවතත් ලිපියක් යැව්වා – ඇමති ඉංජිනේරු කුමාර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පසුගිය 06 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී ඉංජිනේරු කුමාර ජයකොඩි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් ය. නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බවත් මේ නිසා මෙම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවත් හෙතෙම තවදුරටත් පෙන්වා දුන් අතර ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් (G2G) සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...