MoD අනුමැතිය විතරයි නොතිබුණේ – ඩ්‍රෝන සිද්ධිය ගැන නලින් බණ්ඩාරගෙන් කරුණු පැහැදිලි කිරීමක්

සටහන – රුවන් නෙළුගොල්ල

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී රඳවාගත් ඩ්‍රෝන යානා 39 සහ මයික්‍රෆෝන් 16 සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකිරීමක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකර තිබේ.

එම ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන සිංගප්පූරුවේ සිට රැගෙන ආවේ පවුලේ ව්‍යාපාරයක් සඳහා බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) අනුමැතිය ලබාගෙන තිබුණු නමුත් ආරක්ෂක අමාත්යාංශයේ (MoD) නිසි අනුමැතියක් ලබාගෙන නොතිබීමෙන් ගැටලුවක් මතුවුණු බවයි සඳහන් කළේ.

එමෙන්ම තමන් මෙම භාණ්ඩ නිෂ්කාශනය නොකර රැගෙන ආ බවට හෝ හොරබඩු රැගෙන ආ බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ පවුලේ ව්‍යාපාරයක් තියෙනවා පුතා සහ බිරිඳ අධ්‍යක්ෂක ධූරය දරණ, කැමරා ඩ්‍රෝන් මේවා රෙන්ට් කිරීම විකිණිම හා සම්බන්ධව. මේ ව්‍යාපාරය පුතා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපාරයක්. ඉතින් මේකට ඩ්‍රෝන් සහ මයික්‍රොෆෝන් වගයක් අරන් ආවා, එනකොට කටුනායක ගුවන්තොටුපොළ හරහා. ඒකට අවශ්‍ය TRC අනුමැතිය පුතාගේ සමාගම සතුව තියෙනවා. ඒ වගේම CIVIL AVIATION OF SRI LANDA අනුමැතියත් තියෙනවා. මෙතන එකම ප්‍රශ්නය වුණේ MoD එකේ නිසි අනුමැතියක් තිබුණේ නැහැ”

“මෙහිදී වැරදි මතයක් තියෙනවා අපි නිෂ්කාශනය නොකර ආවා වගේ මතයක් තියෙනවා. හොරබඩු ගෙනාවා වගේ කතාවක්. නිෂ්කාශනය කරපුවාම තමයි මේ නෝටීස් එක දෙන්නේ. නිෂ්කාශනය නොකර අපි මොනවා හරි භාණ්ඩයක් ගෙනාවනම් ඒ ගොල්ලෝ කෙලින්ම ඒවා රඳවා තබා ගන්නවා”

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සහනය පොදු ප්‍රවාහනයට සහ අත්‍යවශ්‍ය ප්‍රජාවට සීමා කිරීම ගැන අවධානය!

කොළඹ LNW:ඉන්ධන මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ...

මැතිවරණ පරාජයට ට්‍රම්ප් වගකිව යුතු බවට MAGA පාක්ෂිකයන්ගෙන් චෝදනා – ව්‍යාපාරයේ අනාගතය ගැනත් ප්‍රශ්න

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

මෙරට ඩොලර් සංචිතය ඩො. බි. 7.1ක් දක්වා ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මහ බැංකුව විසින් අඛණ්ඩව...