Kim Jong Un ගේ පිළිරුව එළිදක්වන්න රතු රෙද්ද ඉවත් කළාට පස්සේ, කලාකරුවාගේ නමත් රෙද්දකින් වහන්න වෙන සීන් එකක්!

සටහන – පුලී
නොවැම්බර් 09, LNW (කොළඹ):
ලෝක නායකයන්ගේ පිළිරූ නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ සැබෑ පෙනුමට උපරිම සමානකමක් ලබාදීමට කලාකරුවන් උත්සාහ කරනවා. නමුත් උතුරු කොරියානු නායක කිම් ජොං උන් වෙනුවෙන් නිර්මාණය කළ අලුත්ම පිළිරුවක් මේ දිනවල අන්තර්ජාලය පුරා කතාබහට ලක්වන්නේ එහි ඇති අපූරු පෙනුම නිසායි.

දේශීය කලාකරුවකු විසින් නිර්මාණය කරන ලද කිම් ජොං උන්ගේ ලෝකඩ පිළිරුවක් එළිදැක්වීමේ උත්සවයට ඔහුද සහභාගී වී තිබෙනවා. එහිදී හමුදා නිලධාරියකු විසින් පිළිරුව ආවරණය කර තිබූ රතු රෙද්ද ඉවත් කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟයි මේ අපූරු කතාබහ ආරම්භ වී ඇත්තේ.

පිළිරුවේ මුහුණේ හැඩය, සාමාන්‍ය ප්‍රමාණයට වඩා කැපී පෙනෙන විශාල ඇස් සහ අමුතු සිනහව දුටු අන්තර්ජාල පරිශීලකයන්ට නම් එය නොසලකා හැරීමට හැකි වී නැහැ.

ඇතැමුන් විහිළුවට මෙන් ප්‍රශ්න කරන්නේ පිළිරුව සිනාසෙනවාද, පුදුමයට පත්ව සිටිනවාද, නැතහොත් තමන්ගේම පිළිරුව දැක එය හඳුනාගැනීමට උත්සාහ කරනවාද යන්නයි.

තවත් පිරිසක් මෙම නිර්මාණය සැබෑ කිම් ජොං උන්ගේ පෙනුමට කෙතරම් සමානද යන්න පිළිබඳව විවිධ අදහස් පළ කර තිබෙනවා. ඇතැම් අයගේ අදහස වී ඇත්තේ පිළිරුවේ මුහුණේ ඇති අමුතු සිනහව නිසා එය සාමාන්‍ය පිළිරුවකට වඩා අන්තර්ජාලයේ විහිළු නිර්මාණයකට හොඳින් ගැළපෙන බවයි.

විශේෂත්වය වන්නේ මෙම පිළිරුව එළිදැක්වීමේ උත්සවයට කිම් ජොං උන් ද සහභාගී වී සිටීමයි. එහෙත් පිළිරුව පිළිබඳව ඔහු දැක්වූ අදහසක් හෝ ඔහුගේ ප්‍රතිචාරය පිළිබඳ නිල තොරතුරක් වාර්තා වී නැහැ.

සාමාන්‍යයෙන් පිළිරුවක් එළිදැක්වූ පසු එහි නිර්මාණකරුට ලැබෙන්නේ ප්‍රශංසාවක් වුවත්, මෙවර නම් කලාකරුවාට ලැබෙන ප්‍රධානතම ප්‍රතිචාරය වී ඇත්තේ පිළිරුවේ මුහුණ පිළිබඳ හාස්‍යජනක අදහස් දැක්වීම් බව පෙනෙන්නට තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සහනය පොදු ප්‍රවාහනයට සහ අත්‍යවශ්‍ය ප්‍රජාවට සීමා කිරීම ගැන අවධානය!

කොළඹ LNW:ඉන්ධන මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ...

මැතිවරණ පරාජයට ට්‍රම්ප් වගකිව යුතු බවට MAGA පාක්ෂිකයන්ගෙන් චෝදනා – ව්‍යාපාරයේ අනාගතය ගැනත් ප්‍රශ්න

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

මෙරට ඩොලර් සංචිතය ඩො. බි. 7.1ක් දක්වා ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මහ බැංකුව විසින් අඛණ්ඩව...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ…

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන...