*
Monday, March 10, 2025
spot_img

Latest Posts

ක්‍රීඩා ඇමතිගේ තුනෙන් දෙකේ බලය ගැන කතාවෙන් A ක්‍රීඩා සමාජත් කණස්සල්ලට

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 09, (LNW)කොළඹ

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රගර් සගම් කැඳවා තබන්නට උත්සාහ කළ රැස්වීම සඳහා පළාත් සංගම් නොපැමිණි අතර ඔවුන් රටේ අධිකරණය විසින් ලබා දී ඇති තීරණය අනුව ක්‍රියා නොකරමින් ආසියානු රගර් සම්මේලනයේ ලිපියක් අනුව නිලවරණය කල් දැමීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කටයුුතු කිරීමට විරෝධය පා එය වර්ජනය කළේය.ඉනික්බිති ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ද සහභාගි වන බව කියමින් නැවත මාර්තු 6 වන දා රැස්වීමක් කැඳ වූ අවස්ථාවේ පළමු දවසේ පැමිණි ඇතැම් පළාත් සංගම්වල ද සහභාගි වීම අඩු වී තිබුණු අතර,ඒ පැමිණි සංගම්වලින් එකක් පමණක් සහභාගි වී ඇත.


ආසියානු සම්මේලනය,ලෝක සම්මේලනය ඇතුළු සංවිධාන ද උපක්‍රමිකව එකතු කරගෙන මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම දේශපාලනය ද එකතු කරගෙන ව්‍යස්ථාව වෙනස් කරමින් ‘බොරු බිල්ලෙක්‘ මවා පෙන්නා එහි බලය A ක්‍රිඩා සමාජ වෙත අත්පත් කර ගනිමින්,රගර් හී සමස්ත පරිපාලන ව්‍යහුය ප්‍රභූ පංතියකට නතු කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.ඒ නිසා ව්‍යවස්ථාවේ බලයක් නොමැති වුව ද,මේ සාකච්ඡා සඳහා A ක්‍රීඩා සමාජ කැඳවීමේ විලාසිතාවක් ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආරම්භ කළ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අඩි පාරේම ගමන් කරන වත්මන් අමාත්‍යවරයාගේ හමුවට ද ඒ ක්‍රීඩා සමාජ කැඳවා තිබිණ.


එහිදී වර්ජනය කරන පළාත් සංගම් ගැන වක්‍රව විරෝධය මතු කරමින් තමන්ගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ඇති බවත්,ඒ බලය යොදා ගනිමින් ආසියානු සංගමයට සහ ලෝක සංගමයට අවශ්‍යය ආකාරයට පවතින ව්‍යවස්ථාව වෙනස් කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.අමාත්‍යවරයාට එම තනතුර හිමිවන්නේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ ආණ්ඩුවකට දුන් ජන වරමෙන් මිස තමන්ට අවශ්‍යය ලෙස ආසියාවට,ලෝකයට අවශ්‍යය විදිහට නැටවෙන රූකඩයක් වන්නට නොවන බව අමාත්‍යවරයා එම අදහස් දැක්වීමේදී අමතක කිරීම ගැන පසුව A ක්‍රීඩා සමාජවල ඇතැම්හූ ද කළකිරීමෙන් තැන තැන අදහස් දක්වා ඇත.


පවතින ව්‍යවස්ථාව අනුව එක් වරක් ඇරෙන්න අන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා රගර් හී සභාපතිවරයා වී බිහිකර ඇත්තේ A ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ය.ඒ සියල්ල සිඳු වන්නේ පළාත් සංගම් නියෝජනය කරන A ක්‍රීඩා සමාජත්,ඉන් පහළට වෙන්න සිටින සියළුම මට්ටමේ ක්‍රීඩා සමාජත් කැමත්තෙන්ය. A ක්‍රීඩා සමාජවලින් බැහැර සභාපතිවරයෙක් පැමිණි අවස්ථාවේදී ඔවුන් විඳි රගර් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට දේශපාලකයින් සහ රගර්වලම ඇතැම් නිලධාරීන්ද,ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් අය ද එක් වි ශ්‍රී ලංකා රගර් සතුව සිටි අනුග්‍රාහකයා ද සොරකම් කර ආසියානු මට්ටමේ තරගවලට අනුග්‍රහය දැක්වීමට යොදා ගැනීමෙන් පසු,පත්ව සිටි සභාපතිවරයා තනිව සිය මුදලෙන්ද,අනුග්‍රාහකයන් හරහා ද මුදල් සොයා ගනිමින් රගර් ඉදිරියට තල්ලු කර ගෙන ගොස් ඇත.එහි දී පළාත් සංගම්වලට අයත් කුඩා ක්‍රීඩා සමාජවල සාමාජිකයින් ජාතික කණ්ඩායමට බලයෙන් ගෙන් ඒමට කටයුතු කර නැත.ඒ ක්‍රීඩා සමාජ සඳහා පැවත්වෙන තරගාවලිය ඉතා ඉහළින් පැවත්වීම මෙන්ම,වෙනත් පුහුණු ක්‍රියාදාම හරහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියේජනය කළ සුපිරිතම කණ්ඩායම A ක්‍රීඩා සමාජ හරහා තේරා ඉදිරිපත් කරන්නට ද කටයුතු කර ඇත.


A ක්‍රීඩා සමාජ තමන්ගේ පැවත්ම වෙනුවෙන් අමතක කළ මේ කරුණු, අමාත්‍යවරයාගේ කතාවෙන් පසුව ඔවුන් අතර කතාබහට ගෙන ඇත.එහිද අමාත්‍යවරයා අධිකරණයේ පවතින නඩුවක් පවා නොසළකා හරිමින් දේශපාලන බලය භාවිතය ගැන දුන්න ඉඟි කිරීම භයානක තත්ත්වයක් යන්න ඒ බොහෝ පිරිසගේ කතාබහට ලක් වි ඇත.නීතියෙන්වත් වැඩක් කරගන්න බැරි තරමට පක්ෂ දේශපාලනික වෙයිද යන සැකය ඔවුන්ට ඔවුන් ගැනම කළකිරීමක් ඇති වී ඇත.


එසේම අප වෙබ් අඩවිය විසින් මතු කරන ලද සමහර විට A ක්‍රීඩා සමාජ දක්වා එන තෙක් පාසල්වලින් පිටවන දක්ෂයා රැක ගැනීමේ පළාතේ කුඩා ක්‍රීඩා සමාජ කළ වැඩ කොටස අක්‍රීයවීමෙන් රටේ සමස්ත රගර් ක්‍රීඩාව වලපල්ලට යාමේ අභියෝගයක් ද ඇති විය හැකි බව ද අවධානයට ලක් වී ඇත.


A ක්‍රීඩා සමාජවල ක්‍රීඩාව සමඟ පොළවට සම්බන්ධ බොහෝ දෙනෙක් අමාත්‍යවරයාගේ හැසිරීම සමඟ බලය යොදා වෙනස් කරන්නට හදන ව්‍යවස්ථාව වැනි කරුණු ගැන,මේ දක්වා ඔවුන් නොබැලූ වෙනම මානයකින් බලා භයානක තත්ත්වය හඳුනා ගනිමින් කතා කර ඇත.
එසේම අමාත්‍යවරයා ලෙස, කළ යුතු සියල්ල තමා දන්නා බවත්,මාධ්‍යය තමන් කරන දේ විවේචනය කිරීම අදාළ නැති බවත් පැවසුවේ මාධ්‍යවේදීන් ඉදිරියේමය.ඒ නිසාම ඔහු දත්ත තොරතුරු සහිතව ඉතිහාසයට අදාළව සාක්ෂි සමඟ වැරදිකරුවන් පෙන්නා දුන්නද ඔහු ඔහුට අවශ්‍යය දේ කරමින් සිටින්නේය.පවුම් 50000 ක දඩයක් නියම වූ ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් වගකිව යුතු එවකට සිටි නිලධාරීන්ට දඬුවම් දීමේ අවශ්‍යයතාවය පෙන්නුම් කරද්දී එම පරිපාලනයට අදාළව සිටි ප්‍රධාන විධායක නිලධාරියා,ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා කළේය.අප පමණක් නොව ආණ්ඩුවට සම්බන්ධ සිළුමිණ පුවත්පත ද මේ පත්කිරීම්වල වැරදි සහගත බව පෙන්නා දුන්නත්,අමාත්‍යවරයා ඒ කිසිවක් මායිම් නොකර එම තීරණවලම තදින් ඇලෙන්නේය.


ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුර තමන්ට නුසුදුසු බවත්,ඉතිහාසයේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව මත ඇති කළ දැවන්තම කණගාටුදායක සිද්ධිය වන වෙලාවේ තමන් එහි ප්‍රධාන විධායකයා වීම නිසා එම තනතුරට තමන්ව පත් කිරීම අදළ වෘත්තියේ පිරිසිදු බවට ගැටළුවක් බවත් තේරුම් ගෙන නැත.ප්‍රියන්ත පමණක් නොව රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් බහුතර ඉඩක් ජාතික ක්‍රීඩා සභාව තුළ ඇති කරන්නේ රගර් ක්‍රීඩා කළ අයෙකු තම රුචිකත්වය ඇතුව කරන විනාශයට වඩා රගර්මය ස්වභාවයක් මවා පෙන්නන්නට හදන අයෙකු හරහා ද සිඳුවිය හැකි බැවිනි.
ශ්‍රී ලංකාවේ රගර්වල ඉතිහාසය සහ වර්ථමානය කවරේද සහ ජාත්‍යන්තර වශයෙන් එය පවතින තැන කවරේද යන්න පිළිබඳවත් අමාත්‍යවරයා තුළ ඔහුව වටකර තිබෙන උපදේශනය ඇති කර තිබෙන අවබෝධය එතුමාගේම අදහස් දැක්විම්වලින් අපි මීට පෙර වටහාගෙන සිටින්නෙමු.වර්ථමානයේ රගර් ව්‍යාප්තියේ ප්‍රතිපල මීට වඩා ඉහළින් නොතිබීමට හේතුව රගර් සංවර්ධනයට පැමිණි ජාත්‍යන්තර ආධාර මුදලින් ප්‍රියන්ත ඒකනායක විධායක ධූරය දරණ සමයේ ගෙවන්නට සිඳු වූ දඩ ගෙවීම සිඳු කිරීමට එකඟතාවයක් ඇති කර ගැනීමය.ඒ සම්බන්ධයෙන් විශාල කම්පනයක් තමන් තුළ ඇති බව පෙන්වීමට අමාත්‍යවරයා මුලදී උත්සාහ කළ ද,අදාළ ලියවිලි ප්‍රසිද්ධවීමත් සමඟ ප්‍රියන්ත ඒකනායකගේ නම ද එහි ඇති බැවින් දැන් නිහඬය.එපමණක් නොව එම ආධාර මුදල ශ්‍රී ලංකාවේ රගර්වල සංවර්ධනයට දුන් මුදලින් කපා දැමීමට එකඟ වූ ඩේවිඩ් කැරිගි සමඟ දීර්ඝ ලෙස සංවාදය පවත්වා ගෙන ගිය එවකට සභාපති අසංග සෙනවිරත්න අද ආසියානු සම්මේලනයේ සභාපතිගේ මිත්‍රත්වය හරහා ආසියානු තනතුරකය.කැරිගි අද ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආසියානු සම්මේලනය සමඟ ශ්‍රී ලංකාවට බලපෑම් කරන ජාත්‍යන්තර සම්මේලන නිලධාරියාය.


අමාත්‍යවරයා මේ ආසියාව සහ ජාත්‍යන්තර ගැන කියමින් අඩව් අල්ලන්නේ මේ සියළු සාක්ෂි සම්බන්ධ තොරතුරු අත ඇතිවය.තමන්ගේ ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකක රාජ්‍ය බලය යොදා ගෙන,අමාත්‍යවරයා උත්සාහ කර සිටින්නේ නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර ජයග්‍රාහී නායකයෙකු කරන්නට රටේ කීර්තිය පාවා දුන් පරිපාලන තීන්දුවක් ගත් පිරිසට අවශ්‍යය පරිදි ලංකාවේ රගර්වල බලය ස්ථාවරව පවත්වා ගෙන යාමටය.නිලවරණය පවත්වා බලයට එන කණ්ඩායමකට ජාත්‍යන්තරය සමඟ එය විසඳා ගන්නට ඉඩ නොතබා,ජනතාවගෙන් ලැබුණු දේශපාලන බලය යොදා ගෙන ශ්‍රී ලංකාවේ රගර්වල බලය අශුද්ධ සමූහයක උවමනාවට අනුව ක්‍රියාත්මක කිරීමටය.ඒ වෙනුවෙන් වගකිව යුුතු පිරිස් සඳහා කිසිඳු හිරිකිතයකින් තොරව වගකීම් පවරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අමාත්‍යවරයා ද නොමඟ යවමින් කටයුතු කරන බවට පේන රූපමය රාමුව දැන් පිටුපස ඇති කතාවේ දී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යනු දේශපාලකයාට කීකරු සේවක වලිගයක් පමණක් බව පැහැදිළි වෙමින් ඇත.ඔහු තමන්ට ඇතිවන අපකීර්තිය පසෙකලා වේගයෙන් වනන නඟුට නිසා දේශපාලකයා නිවැරදිව දර්ශනය නොවුණත් අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී නඟුටටත් වඩා වැනෙන්නට යාම නිසා එහි දේශපාලක උවමනාව මැනවින් පැහැදිළි වන්නේය.


ශ්‍රී ලංකාවේ කිලෝ ග්‍රෑම් 85 ට වඩා අඩු රගර් ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායමකට නවසීලන්තයේ සංචාරයකට ලැබෙන අවස්ථාව රගර් කවුන්සිලයක් පිහිටුවන තෙක් කළමණාකරණය කිරීමට පත් කර තිබෙන කමිටුව දුටු විට එය හුඳෙක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ආහිර්වාදයෙන් සිඳුව ඇති බව සිතිය නොහැකිය.පැවති පරිපාලනය නිසි කලට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මත අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසුරුවා හැර එහි සභාපතිම පහසුකම් සපයන්නා ලෙස යොදා ගැනීමේ විහළුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උවමනාවට නොව අමාත්‍යවරයාගේ සහ ජාත්‍යන්තර සම්මේලන උවමනාවට සිඳු වූ බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා ඇත.වත්මන් අමාත්‍යවරයා ද එම වරදේම පිහිටා කටයුතු කරන අතර වගකීම ඉටු නොකිරීම නිසා ඉවත් කළ පුද්ගලයාට රගර් පරිපාලන ඒකකයක් නැති රටෙන් වගකීමක් දුන් විට ආසියානු සභාපතිවරයා තමන්ගේ මිත්‍ර සංධානයේ අවශ්‍යයතාවය වෙනුවෙන් ලැබුණු රූකඩයට ආසියාතික වගකීමක්ම පවරමින් ඔහු ආසියානු සම්මේලනයට ඈදා ගෙන ඇත.එසේම පවුම් 50000 සිඳුවීමට අදාළ සිඳුවීමේ දී එම පරිපාලනයේ ලේකම්වරයා ද ඔහුය.


නලීන්ට අමතරව එයට නම් කර තිබෙන රොහාන් අබේකෝන් ක්‍රීඩා පණතට අනුව ජාතික ක්‍රීඩා සභාවට පත් කිරීම ද අභියෝගයට ලක් වී ඇත.ඒ ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නියැලීම නිසාය.එහෙත් අමාත්‍යවරයාගේ තුනෙන් දෙකේ බලයෙන් කොළම හතේ ආණ්ඩුවෙන් ලැබෙන බඳු සහන සමඟ ආනන්දයට පත් ප්‍රභූ ක්‍රීඩා සමාජවලට රගර්වල බලය අත්පත් කර දීමේ උවමනාව වෙනුවෙන් පණත් හකුලාලමින් හෝ වැඩ කරන්නට සූදානම්ය. ඒ අමාත්‍යවරයා දේශපාලනිකව පෙනි සිටින දර්ශනයේ අනන්‍යතාවය ද යන්න ප්‍රශ්න කළ යුත්තේ ඔහුගේම හෘද සාක්ෂියෙන්ය.
නලීන් සහ රොහාන් සමඟ ඈදා නවසිලන්ත මෙහෙයුමට බලය පවරා ඇති අනෙක් පුද්ගලයා ඉන්තිෂාන් මරික්කාර් ය.ඔහු රගර් හී වගකීම්වලින් ඉවත් වූයේ කෙසේ ද යන්න උපදෙස් ගැනීමට සහ නිවැරදි අවබෝධය ගන්නට බහුතරයක් රගර් වූ උපදේශක සභාවෙන් විමසා සිටීමෙන් පලක් නොවන්නේ,ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනා සමඟ එක පතේ වැළදීමේ තීරණයේ අමාත්‍යවරයා නොසෙල් වී සිටින බැවිනි.


ඉතිහාසයට පියවර තබා නැවත ලංකාවේ රගර් ඉහළට ගෙන යාමටනම් අමාත්‍යවරයා වඩාත් සමීපව වැඩ කරන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක් වී රග් බි ඉතිහාසයේ ස්වර්ණමය මතක සහිත තල්දූව වැනි ක්‍රීඩා සමාජයක් යළි අවදි කිරීම ගැන සාකච්ඡා කිරීමට හැකියාව ඇත.මන්ද එරංග ගුණසේකරගේ මුල් අවිස්සාවේල් ප්‍රදේශයට තදින් සම්බන්ධ බැවිනි.එහෙත් දැන් උත්සාහ කරමින් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ලටවත් රගර් නොයා නවතන්නටය.අමාත්‍යවරයා පැමිණි ගාල්ල ඕල්කට් විද්‍යාලයටනම් රගර් ආ යුතුම නැත.මීට පෙර ද කී පරිදි තඹුත්තේගම අයට කොළඹ රගර් ක්‍රීඩා සමාජයන්ට අයත් අවන්හල්වල රාජපක්ෂලාගේ,මලික් සමරවික්‍රමලාගේ පංතියේ මිනිසුන් විනෝද වෙන්නට පැමිණි විට,ඔවුන්ට සංග්‍රහ කරන අතරේ ඔවුන්ගේ රග්බි කතා අසා සිටින්නට ලැබුණොත් ප්‍රමාණවත්ය.


තවමත් යා නොහැකි වූ අපූරු සංචාරක කෙම්බිමක් වන කතරගම ආසන්නයේ පිහිටි ඊගෝ ස්වර්ග රාජ්‍යය වැනි තැනක ජීවිතයේ වෙනසක් සොයා යන සුපිරි පංතියටම මේ ක්‍රමය යටතේ කොළඹ හතක ක්‍රීඩා සමාජ අවන්හලක සිට එතැන දක්වාම විනෝදය සතුට උරුම වී ගමේ මිනිසුන්ට ඒ සතුටට සාත්තු සප්පායම් කිරීමේ මෙහෙවර වෘත්තිය ඉතුරු වුණොත් ප්‍රමාණවත්ය.රගර් වැනි සෙල්ලම් පළාත්වලට බලය දී ගමේ කොල්ලන්ට – කෙල්ලන්ට හුරු වෙන්න තියෙන ඉඩ අපරාධමය ඉඩක් හැටියට නොසිතන්නේනම්,අමාත්‍යවරයාට කළ යුතුව ඇත්තේ රගර්වලට අපරාධ කළ පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීමය.ජාත්‍යන්තර සම්මේලනයට පවතින ව්‍යවස්ථාව අනුව පත්වන පරිපාලනය සමඟ සාකච්ඡා කර ව්‍යස්ථාව සකසා ගන්නා ලෙ දැණුම් දීමය.එහි පහසුකම් සපයන්නෙකු ලෙස අමාත්‍යංශයට ඇති මැදිහත්වීමේ හැකියාව පැහැදිළි කිරීමය.


ඒ තත්ත්වය සම්බන්ධයෙන් අදහසක් මුලින් මතු නොවීම නිසා,පසුව ඒ අදහස වෙනත් තැනකින් ලැබීම නිසා එය ක්‍රියාත්මක කරන්නට යාම තමන්ගේ අමාත්‍ය කිරීටයට තරම් නොවන බව සිතෙන හැඟීමෙන් ඉවත්වීමට හැකි ආඩම්බරයක් නැතිනම් මේ තුනෙන් දෙකේ බලය නිසා රගර් ක්‍රීඩාව ගමේ උන් මැජික් ලෙස දකින රූපවාහිනි තිරයෙන් මෙපිට ඇත්තටම ගොයම් කපපු වෙල්වල සම්බෝල කඩන කොල්ලන් අතට ද රගර් බෝලය යන දවසක් එනු ඇත.පුපුරු ගසන්නට ඇඟට වඳින රබර් බෝල පාර දරා ගන්නට හුරු වූ සිරුරු,තැනින් තැන එරෙන කුඹුරුවල නියරවල් වලින් පැන දුවන හයියෙන් දරා ගැනීමෙන් යුතුව රගර් බෝලය රැඟෙන දුවනු ඇත.ලිඳුල,ඌව වැනි ලාංකේය රගර් ඉතිහාසයේ ස්වර්ණමය මතක සමඟ යළිත් සිරුරුවල සැඟවුණු ජානමය රගර්, අම්බිගාලාගේ ලැයිම් කාමර මැද්දෙන්,තේ පඳුරු අස්සෙන් නමනීය ලෙස ඒ මේ අත නැමී දුවන සිරුරුවලින් මේ පොළවට ලැබෙනු ඇත.


ඇමතිතුමනි ගමේ කොල්ලන්ට කෙල්ලන්ට රගර් සමීප වෙන්නට තිබෙන මාර්ගයට කොළඹ හතෙන් බාධකයක් දමන්නට එපා.මේ ක්‍රිීඩා සමාජවල නම තියෙන එක සාධකයක් වන්නෙ ඒවාට ඇති මුදල්,ප්‍රභූ සාමාජිකත්වය සහ රජයෙන් ලැබී තිබෙන බඳු සහන වැනි විශාල පහසුකම් ප්‍රමාණයකි.එහෙත් මදකට කාන්තා රගර් දෙස හැරී බලන්න.කොළඹත් බොරැල්ල වනාතමුල්ල සීවලි ය දක්වාම අඩු පහසුකම් සහිත පාසල්වලින් මතු වූ ක්‍රීඩිකාවන් දකින්නට හැකිය.සල්ලිවලින් හදන මිත්‍යාවට සල්ලි නැති මිනිස්සු ජීවිතයට අරුතක් සොයා දුන් ජන වරමක තුනෙන් දෙක යටත් නොකළ යුතුය.රගර් පීඩාවට පත් මිනිසුන්ගේ නැගීටීමේ ශක්තියය.


ඔබ වත්මන් ලෝක සූර දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමේ කතාවට ඉතිහාසයේ සට වර්ථමානය දක්වා විමසා බලන්නේනම් වැදගත් වනු ඇත.එහි විශිෂ්ටත්වය උපදින ගර්භාෂය දකුණු අප්‍රිකානු දේශපාලනයය.විවේකයක් ඇතිනම් ඔබේ රගර් උපද්ශකයන්ට පමණක් නොව සමස්ත ජාතික ක්‍රීඩා සභාවටම පළමු මොහොතේ දකුණු අප්‍රිකාවට රගර් ලෝක සූරතාවයක් දිනා දෙන්නට නෙල්සන් මැන්ඩෙලා රගර් පොළවේ මිනිසුන්ගේ ලේවල උවමනාවක් බවට පත් කළ හැටි පෙන්වන සැබෑ කතාවක් වන Invictus සිනමා පටය පෙන්වන්න.එවිට යම් තරමකට හෝ මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවට නොයා අඩුම තරමේ උපන් ගම් ප්‍රදේශයට අහිමි වී යා හැකි රගර් හෝ දැනෙනු ඇත.චිත්‍රපටය අවසානයේ සංස්කෘතික අමාත්‍ය හිනිඳුම සුනිල් සහෝදරයා හෝ චූලානන්ද සමරනායක සහෝදරයා හෝ කැඳවා චිත්‍රපටය සම්බන්ධයෙන් විචාර දේශනයක් කරන්න හැකිනම් එයද වැදගත් වනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan