සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ මහතා පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රන්දවුම්භාරයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වන විට ඔහු එහි දින 100 ඉක්මවා ප්‍රතිකාර ලබා ගැනීම සිදු විය.

ඒ අනුව අධිකරණයේ නියෝගය මත වෛද්‍ය මණ්ඩලය විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරුණු වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...