ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ අද දින මහාධිකරණයට රැගෙන එන විට ගිහි ඇඳුමකින් පැමිණීමේ දර්ශනය දවසේ විශේෂ පුවතක් ලෙස වාර්තා වූ අතර අද (06) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කාන ලදී.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඥානසාර හිමියන්ට කිසිදු විශේෂයක් සිදුකර නොමැති අතර බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාරය විසින් අදාළ කටයුතු සිදුකර ඇති බවයි.

”බරපතල වැඩ සහිතව යම්කිසි කෙනෙක් සිරදඬුවමකට ලක්වුනොත් බන්ධනාගාර ආඥා පනත හැටියට කටයුතු කළ යුතු ආකරයක් පවතිනවා. මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාර ගතවෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63දෙනෙකුට කටයුතු කාල තියෙන ආකාරයටම තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර නීතිය යටතේ කටයුතු කරල තියෙන්නේ.”

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබුණි.

අදාළ ලිපියේ සඳහන්ව තිබුණේ ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන්ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ අතර එහිදීද අමාත්‍යවරයා පැවසුවේ පවතින නීතිය යටතේ කටයුතු කිරීමක් හැර විශේෂයක් සිදුකා නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...