රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම් විසින් ඉරානය සමඟ පවතින යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ ඉරානයේ පාලන තන්ත්රය පෙරළා දැමීම හරහා එරට තෙල් සම්පත පාලනය කිරීමටත්, එමඟින් විශාල මූල්‍ය ලාභයක් උපයා ගැනීමටත් ඇමරිකාවට අවස්ථාව ලැබෙන බවයි.
මෙම යුද්ධය සඳහා ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කරන ආකාරය සහ වෙනිසියුලාව වැනි රටවල බලශක්ති සම්පත් අත්පත් කරගැනීමේ උපායමාර්ගික අරමුණු බවද ඔහු පවසයි .
දශක ගණනාවක් තිස්සේ ඉරානයට එරෙහිව යුද්ධයක් සඳහා තල්ලු කරමින් සිටින මෙම ප්‍රවීණ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම්, ඉරාන රජයට දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් තවදුරටත් පවසා ඇත්තේ, “මෙම පාලනය පෙරළා දැමීමට” මුදල් වියදම් කිරීම වටී යනුවෙනි.
“මෙම පාලනය බිඳ වැටෙන විට, අපට නව මැද පෙරදිගක් ලැබෙනු ඇති අතර, අපි ටොන් ගණනක් මුදල් උපයන්නෙමු,” විදේශයන්හි එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමේ දිගුකාලීන යෝජකයෙකු වන ග්රැහැම් ෆොක්ස් නිව්ස් වෙත පැවස්ය්ය් බවද වාර්තා වේ.
ට්‍රම්ප් පරිපාලනයේ ඊශ්‍රායලයට සහ ඉරානයට එරෙහි යුද්ධයට වඩාත්ම හඬ නගන ආධාරකරුවෙකු වන ග්රැහැම්, වෙනිසියුලාවේ වාමාංශික නායක නිකොලස් මධුරෝ පැහැරගෙන යාම සහ ඉරානයට පහර දීම දියත් කළේ එක් එක් රටවල තෙල් සැපයුම් පාලනය කිරීම සඳහා බවට යෝජනා කළ බවක්ද පෙනෙන්නට තිබුණි.
“වෙනිසියුලාව සහ ඉරානය ලෝකයේ තෙල් සංචිතවලින් සියයට 31 ක් සතුව ඇත. එම සංචිතවලින් සියයට 31 ක් සමඟ අපට හවුල්කාරිත්වයක් ඇති වනු ඇත. මෙය චීනයේ බියකරු සිහිනයකි. මෙය හොඳ ආයෝජනයක්, ”යනුවෙන්ද ග්රැහැම් පවසා අත.
කෙසේ වෙතත්, ඉරාන රජය මෙම ක්‍රියාවලිය තම ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දකින අතර, පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ ගොස් ඇති බව ද සඳහන් වේ.



