මිනිස් මනසක සීමාව – සංස්කෘතියක ආශාව

Date:

අපි අහලා තියෙනවා බ්‍රේන්ස්ටෝමින් කියල දෙයක්. ඒක ක්‍රියාවක්. තේරෙන සිංහලෙන් කිව්වොත් මොළේ ටිකක් හොලවලා කලතලා ගන්න එක. තමන්ගෙම මොළේ අස්සෙ එහෙම කැලැත්තිල්ලක් අද්දැකපු මිනිහෙකුට නානාප්‍රකාර දේවල් හිතෙන්න ගන්නවා. ඒවා මහා අසීමිත හිතීම් වෙනවා. එහෙම හිතන උන් තමන්ගෙ සිතුවිලි තමන් දන්න කියන ශිල්පයක් එක්ක අමුණලා පුදුමාකාර නිර්මාණ කරනවා. ඉන්ස්ටොලේෂන් ආර්ට් කියන්නෙ ඒ ආකාර හිතීම් යූස් කරලා කරන පුදුම නිර්මාණයක්.

සයන්ස් මැත්ස් වලට ඉන්ටරෙස්ටින් උන් ඒ පැත්තෙන් ‘වැඩ’ කරනවා. ආර්ට් දන්න උන් ආර්ට්වලින් වැඩ ගන්නවා. මේ කියන හිතළු , ක්‍රියාවක් වෙන්න නං තමන් දන්න ෆීල්ඩ් එකේ හතර මායිං දැනගෙන ඉන්නම වෙනවා. අපි මෙහෙම හිතමු. ඇපකැලිප්ටො වගේ මූවි එකක් කරන්න කලින් මෙල් ගිබ්සන්ගෙ ඔලුවට කොච්චර දේවල් හිතෙන්න ඇද්ද? ඊට අමතරව මිනිහා කොහොම රිසර්ච් එකක් කරන්න ඇද්ද? මේ වගේ ලෝකෙ වෙච්ච වැඩ ගොඩක් උඹලගෙ ඔලුවලටත් මතක් වෙනවා ඇති. උන්ට ඒ හිතෙන ප්‍රමාණය මෙච්චරයි කියලා අල්ලන්න බෑ. Baltimoraට එහෙම හිතෙනව.

ඉන්ස්ටොලේෂන් ආර්ට් කියන්නෙ අසීමිත ආර්ට් එක්ස්පීරියන්ස් එකක්. මිනිස්සු කෑදර විදියට ආර්ට්වල ඇලිලා අලුත් අලුත් දේවල් පස්සෙ හඹා යනවා. විශේෂයෙන්ම වෙස්ට් එකේ මිනිස්සුන්ට බැරියස් නැතුව හිතන්න වගේම හිතෙන දේ ක්‍රියාවක් බවට පත් කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ‘ඉන්ස්ටොලේෂන් ආර්ට්’ කියන කැටගරි එක නිර්මාණය වෙන්නෙ එහෙම. ටුවෙන්ටියත් සෙන්චරි එකේ මැද වගේ තමා මේක නැගලා එන්නෙ. 

මේක තේරුං ගන්න ඕන නිසා baltimora සිම්පල් එක්සාම්පල් එකක් ගේනවා මෙහෙම. හිතන්න , මහා කැලයක් තියෙනවා. ආර්ටිස්ට් කෙනෙක් ඇවිල්ලා ඒ කැලේ ඇතුළෙ හදා ගන්න කුටියක අර මහා කැලේ පොඩි පොඩි වෙනස්කං එක්ක ප්‍රතිනිර්මාණය කරනවා. 

 ඒ කියන්නෙ මොකක් හරි ලොකු ප්‍රමාණයේ ඉඩක ඒ ඉඩ සම්පූර්ණයෙන් පිරෙන විදියට නිර්මාණයක්  ඉන්ස්ටෝල් කිරීම තමා මේ ආර්ට් එකේ තාලෙ. ඒක ත්‍රීඩී වීව් එකක් එක්කත් නිර්මාණය කරන අවස්ථා තියෙනවා. තමන්ගෙ අවට අවකාශයේ අසීමිත ඉඩක් තමන්ට තියෙනවා නේද? කියලා හැඟීමක් ඒ නිර්මාණ දකිනකොට දැනෙනවා.එක්සිබිෂන් හෝල්වල වගේම පබ්ලික් සර්ෆේස් එකෙත් මේවා ඩිස්ප්ලේ කරනවා. මිනිමලිසම් කියන කොන්සෙප්ට් එකත් මේකට යූස්  වෙනවා. මොකද සමහර වෙලාවට එකම ඔබ්ජෙක්ට් අසීමිතවාරයක් ඉන්ස්ටෝල් කරලා ඉස්ටොලේෂන් ආර්ට් එකක් හැදෙනවා. වැලි කැටෙන් පටන් ගන්න නිර්මාණයක් වැලි කන්දක් තරං විසාලෙට විහිදෙනවා. මේවා රසවිඳින්න පුළුවන් වෙන්නෙ ගෙඩිය පිටින්ම ඇහැට දාගෙන මිසක් කෑල්ල කෑල්ල වෙන් කර කර කාලා නෙවේ කියන එකත් baltimora මතක් කරනවා. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...