විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ඉවතට!

Date:

විශේෂ භාණ්ඩ හා සේවා බද්ධට අදාළ පනත ඉවත් කිරීමට රජය සූදානම් බවට වාර්තා වේ.

පවතින බදු ව්‍යූහය සරල කිරීම සහ බදු කිහිපයක් තන් බද්දක් ලෙස ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මේසේ ඉවත් කර ගැනීමට සූදානම් වන්නේ ඒ සඳහා තුනෙන් දෙකක බහුතර කැමැත්තක් සහ ජනමත විචාරණයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කිරීමෙන් අනතුරුව බව ආරංචිමාර්ග පවසයි.

මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්දට අදාළ පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබිණි.

විවිධ නීති යටතේ සියයට 50 ක පමණ අදායම් බදු නිර්මාණය වන මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම සහ සූදු සහ වාහන සඳහා අයකෙරෙන බදු කිහිපයක් ඒකාබද්ධ කොට තනි නීතියක් යටතේ අය කිරීමට මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද යෝජනා කර තිබිණි. නීතිපතිවරයා විසින් අදාළ පනත් කෙටුම්පත නිෂ්කාශනය කර තිබේ.

මෙම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුවූ නෛතික ගැටළු නිසා එය ඉවත් කොට අදාළ බදු සඳහා යම් සංශෝධන ද සහිතව පෙර පැවති බදු ක්‍රමයම පවත්වා ගෙන යාමට ඉඩ සලසා දීම විකල්පයක් බවට පත්විය හැකිය.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය විශේෂ රැස්වීම් කිහිපයක්ම කැඳවා ඇති අතර, අදාළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද යළි හඳුන්වා දීමට අවශ්‍ය සංශෝධන සහිත නව පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ද නියමිත බව වාර්තා වේ.

මේ අතර, ආදයම් එකතු කිරීමේ වෙනම ඒකකයක් මහා භාණ්ඩාගාරය තුළ ස්ථාපිත කිරීම සහ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මාර්ගගතව අයකර ගැනීම සඳහා පරිගනක පද්ධතියක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරන බව ද වාර්තා වේ.

එමෙන්ම, සංශෝධිත නව බද්දෙන් සහ එකතු කළ අගය මත බද්දට (VAT) එක්කරන සංශෝධන මඟින් රුපියල් බිලියන 50 ක අතිරේක ආදායමක් ලබා ගැනීමටත් හැකි වනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම යෝජිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වන පරිදි විශේෂ භාණ්ඩ හා සේවා බදු අනුපාතය පිළිබඳ නියෝග කිරීමට මුදල් අමාත්‍යවරයාට බලය ලබා දීමට නියමිතව තිබුණි.

විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් අය කිරීම සහ එහි ගිණුම්කරණය සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම්වරයකු යටතේ වෙනම ඒකකයක් පිහිටුවීම සියලු පරිපාලන හා මූල්‍ය රෙගුලාසි වලට පටහැනි බවත්, ඊට හේතුව එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් ආදායම් බදු එකතු කිරීමේ ආයතනවල ක්‍රියාකාරීත්වය අතික්‍රමණය කිරීමක් නිසා බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...