සර්ව පාක්ෂික සමුළුවට පෙර IMF වාර්තාව ලබාදෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආටිකල් IV යටතේ නිකුත් කළ වාර්තාව හැකි ඉක්මනින් පක්ෂ නායකයින් වෙත ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

එම වාර්තාව ඉක්මනින් ලැබෙන්නේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී කැඳවීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට අවශ්‍ය පරිදි සූදානම් වීමට පක්ෂ නායකයින්ට අවස්ථාව ලැබෙන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව, එම වාර්තාව මෙන්ම, ඊට අදාළ සංඛ්‍යාලේඛන සහ එම මූලික වාර්තාව සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මහබැංකුව IMF වෙත යොමු කළ ලිපිත් මේ සතිය තුළදීම පක්ෂ නායකයින් වෙත ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ එහි සැඟවීමට දෙයක් ආණ්ඩුවට නොමැති බවත් හැකි ඉක්මනින් එය පක්ෂ නායකයින් වෙත ලබාදීමට කටයුතු කරන බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...