*
Friday, April 26, 2024
spot_img

Latest Posts

2022 මුල් දින 65 තුළ සංචාරකයින් 200,798ක් ලංකාවට

මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට 06 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.

2021 වසරටම මෙරටට පැමිණ තිබුණේ සංචාරකයන් 194,495ක් පමණයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964 කි. පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 96,507කි. වසර දෙකකට පසු මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වන්නේ එයයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මාර්තු මාසයේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 4,395 ක් වේ. රුසියාවෙන් සංචාරකයන් 3,094 පැමිණ ඇති අතර ජර්මනියෙන් සංචාරකයන් 2,240 ක්, ප්‍රංශයෙන් සංචාරකයන් 969 පැමිණ ඇත.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ නව සංචාරක වෙළදපොළ ඉලක්ක කෙරෙහි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මීට පෙර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය නොකළ රටවල් ගණනාවක් පිළිබද මේ වන විට අවධානය යොමුව ඇති බවත්, එම රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

“අපි සංචාරක ව්‍යාපාරයේ විභව මූලාශ්‍ර වන වෙනත් රටවල ප්‍රවර්ධන කටයුතු සිදු කරනවා. අපි කණ්ඩායම් වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීමට උත්සාහ කරනවා,” රණතුංග මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිදුවීම් කළමනාකරණ ආයතනයක්, ප්‍රචාරණ සමාගමක් සහ ඩිජිටල් හවුල්කරුවෙකු තෝරා ගැනීමට සංචාරක අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටී.

මීට අමතරව ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ද මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සදහා වසරේ දෙවන කාර්තුවේ දි ඇමෙරිකානු ඩොලර් බිලියන 56 ක් ලබාදීමට මුදල් අමාත්‍යාවරයා පසුගිය දා එකතගාවය පළ කර තිබිණි. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක වන බව ද ඇමතිවරයා කියයි.

2021 දෙසැම්බරයේදී ව්‍යාපාරික උපදේශක McKinsey & Company ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කොළඹ පැවති ආර්ථික සංසදයකදී ප්‍රකාශ කෙරුණේ, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ 2020 දී රට තුළ COVID-19 පැතිරීමට පෙර එන​ම් 2018 වසරේ වාර්තා වූ සංචාරක සංඛ්‍යාවට ළඟා වීමට ශ්‍රී ලංකාව වසර පහක් දක්වා ගත විය හැකි බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan