*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ලෝක අර්බුදයට මුහුණ දෙමු

ලෝකයේ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ අප රටටද ඉතාමත් දුෂ්කර වුවද ,ඒ සඳහා මුහුණ දීමට සිදුවේ. පවතින තත්ත්වය කෙසේ වුවද ශක්තිමත් රජයක් ලෙස එයාට සාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්තියක් සමඟ මුහුණ දීමට මේ වනවිටත් රජය සැලසුම් කර අවසන්ය.

සමස්ථ ආර්ථික කළමනාකරණය තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම ජනපති ගෝඨාභයගේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව එතුමා ආර්ථික සභාවක් පිහිටුවීමට තීරණයකර ඇත.

ඒ අනුව ආර්ථික සභාවේ උපදෙස් හා මගපෙන්වීම අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍යම අවස්ථා වලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණය ක්‍රියාත්මක කරනු ඇත.

රජයේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තීන් සඳහා ඇති වූ ඍජු බලපෑම් සමනය කිරීම තුළින් , සියලු බාධා අභිබවමින් නිශ්චිත ආර්ථික මාවතක් ඔස්සේ ශක්තිමත් ව ගමන් ගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම මෙම ආර්ථික සභාවේ ප්‍රමුඛ අරමුණ වේ.

මේ අනුව රජය පවතින තත්ත්වය හමුවේ තීරණ රැසක් ගෙන ඇත.
විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණ ලෙස එවනු ලබන ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රු.10/= දිරි දීමනාව රු.38 දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.

විදේශ විනිමය, අවුරුදු සමයේදී මෙරට ප්‍රේණ දිරිගැවීමක් මෙන්ම, විගමනික ශ්‍රමිකයන් ඇගයීම, පවුල් වල සාමාජිකයන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීම මෙහිදී රජයේ අරමුණ වේ.

අපනයන ප්‍රගතිය මත පදනම් වූ දිරි දීමනා යෝජනා ක්‍රමයක් ද යෝජනා කර ඇත.
ඒ අනුව පෙර වර්ෂයේ අදාළ කාර්තුවට සාපේක්ෂව 10% ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත පසුගිය කාර්තුවේ අපනයන ආදායමට වඩා උපයා ඇතිසෑම ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30 ක දිරිදීමනාවක් ලැබෙණු ඇත.

දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් දේශීය ආර්ථික ස්ථායීතාවය වෙනුවෙන් මහබැංකුවද ප්‍රතිපත්ති මාලාවක් හඳුනා දී ඇත .

ඒ අනුව විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් සහිතව ගණුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා ඇති අතර විදේශ විනිමය ගණුදෙනු ඇමරිකානු ඩොලරයකට රුපියල් 230/= කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට මහබැංකුවේ අපේක්ෂාවයි . දේශීය විදේශ ගැලපුම් නිරීක්ෂණයෙන් අදාල ගැලපුම් සිදු කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.

මේ සියල්ල සිදුවන්නේ ලෝක වෙළඳපොළ ඇති වී තිබෙන අර්බුදයට රටක් ලෙස විසඳුම් සෙවීමට බව ජනතාව තේරුම් ගත යුතුය .

ගෑස් අර්බුදය

2008 න් පසු ලෝක වෙළඳපොළේහි වැඩිම ගෑස් මිල මේ වනවිට වාර්තා වේ.

පෙර පැවති මිලට සාපේක්ෂව ඩොලර් 4.11 කින් ගෑස් මිල වැඩිවී ඇත. ගෑස් තොග මිල ද දෙගුණයකටත් වඩා වැඩියෙන් මිල වාර්තා වේ.

ලොව ස්වභාවික ගෑස් නිධි වැඩිම ප්‍රමාණයක් පිහිටි රටවල් වන්නේ ,
රුසියාව 24.3% කි.
ඉරානය 17.3% කි.
කටාර් 12.5% කි.

2017 වසර වනවිට ලොව ඔප්පු කළ හැකි ගෑස් සංචිත ප්‍රමාණය ඝණ අඩි මිලියන 6,923 කි.

යුක්‍රේන රුසියානු අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිලද වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතී. එමෙන්ම ගෑස් මිලද ඉහළ යමින් පවතින අතර රුසියාවෙන් ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීමට තහනම් කිරීමට බ්‍රිතාන්‍යය අනතුරු ඇඟවීද මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවකි.

මෙම පසුබිම හමුවේ ලෝකයටම බලපෑ මෙම අර්බුදය ශ්‍රී ලංකාවටද බලපා ඇත. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වූ විට මිල පරතරය විශාල වෙනස් කම් සිදුවේ. එයින් මිල ඉහළ යෑම කිසිවෙකුට නවතාලිය නොහැක.

මෙයට කළ හැකි එකම විසඳුම වන්නේ අපේ සම්පත් නිසි ආකාරයෙන් කළමණාකරණය කර ගැනීම පමණයි.

දින කීපයකට පසු නැවතත් ලිට්‍රො ගෑස් සමාගම නැවතත් ගෑස් නිෂ්පාදන අරඹා ඇත. ඉදිරියේදී දී වෙළඳපොළ වෙත ගෑස් නිකුත් කිරීමට පියවර ගනු ඇත.

මේ අතර පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇත.ඒ සඳහා ඇති බලපෑම් සහ අනිකුත් කටයුතු පිළිබඳ රජය මහත් සේ උනන්දුවීම සිදුවන බව රජය පවසයි.
සියලු අර්බුද ප්‍රශ්න හමුවේ සාර්ථක ලෙස මුහුණ දෙන රජය ලෝක අර්බුදය හමුවේ අප රටට බලපාන දරාගත නොහැකි ප්‍රශ්න හමුවේ වුවද ශක්තිමත් නායකත්වය මත ගනු ලබන තීන්දු තීරණ සමඟ ඉදිරියට ගමන් කරනු ඇත. ජනතාව ලෙස කළ යුත්තේ ඉවසීමෙන් ටික කලක් තම ජීවිත කළමනාකරණය කර ගැනීමයි.

කලබල වීමෙන් ප්‍රශ්න විසදිය නොහැක. ආර්ථික අර්බුදය ලෝකයටම පොදුය. රට කලබල කර ඒ තුළින් තම ජයග්‍රහණය බලාපොරොත්තු වන්නන් හට ඉඩදිය යුතු නැත. යථාර්තය අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කරමු. අසීරු දවස් හෙමින් වුවත් ගෙවී අවසන් වනු ඇත. අසීරුවෙන් ගෙවා දමන දිනවලින් පසු සෞභාග්‍යය උදාවනු නියතය.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan