ක්‍රම තුනකට යටත්ව ආනයනය පාලනයට!

Date:

වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා සීමිත කාලයකට ආනයන සිමා කිරීමට රජය පියවර ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඒ අනුව මහ බැංකුවේ නිර්දේශ මත ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා කිරීමටයි රජය කටයුතු කර තිබෙන්නේ.

පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලබන අතර ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

අනෙක් ක්‍රමය වන්නේ ඇතැම් ආනයනික භාණ්ඩවලට බදු පැනවීමට හා බලපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කිරීමයි.

මෙම සීමා කිරීම් යටතේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය පාලනය කර තිබේ.

එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්,ජලය,විදෙස් මත්පැන් හා බියර්, පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත් කර ඇත.

ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...