ජනපති රනිල්ගේ පළමු මහජන රැළිය අද කුලියාපිටියේදී !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු මහජන රැළිය අද (10) පස්වරු 02.00 ට කුලියාපිටිය නගරසභා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර ඇති මෙම ජන රැළිය, එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රචාරක ව්‍යාපාරයෙහි ආරම්භය වේ. එය “සැබෑව” යනුවෙන් නම් කර ඇත.

“විශේෂයෙන්ම මේ රට බංකොලොත් වුණාම, මේ රට අරාජික තත්වයට පත්වුණාම, මේ රටට නායකත්වයක් නැතිවුණාම, වර්තමාන ජනාධිපතිතුමා මේ අභියෝගය භාරගත්තා. මේ අභියෝගය භාර අරගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින්, මේ ප්‍රශ්න විසඳමින් මේ රටේ ජනතාවට හෙටක් උදාකර දෙන්න කටයුතු කරන ඒ වැඩපිළිවෙල අපි එක්සත් ජාතික පක්ෂයෙන් ආරම්භ කරනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය අද ජනාධිපතිතුමා ප්‍රථම වතාවට කුලියාපිටියෙන් මේ සටන ආරම්භ කරන්න තීරණය කරලා තියෙන්නෙ” යනුවෙනුයි ඒ පිළිබඳව අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.

මෙම ජන රැළියට රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රවී කරුණානායක, නවීන් දිසානායක යන පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...