ජනාධිපතිවරණය : පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මහින්දගෙන් විශේෂ උපදේශයක්

Date:

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි සිදුවිය හැකි බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

එසේම දේශපාලන නායකයින් තමතමන්ගේ පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමග ජනතාව ඒකරාශී කරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...