*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හැඳි මිටට හිර නොවී එක මිටට කඩේ නොගොස් අපි එක්ක එක්ව මේ ගමන යමු – දිලිත්

කොළඹ විහාරමහාදේවි එළිමහන් වේදිකාවේ පැවති ලිය බල සමුළුව සඳහා එක්වෙමින් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ ,ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බවත්, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නුදුරු අනාගතයේ ඉදිරිපත් කරන බවත් පවසයි.

”මේ දහස් ගණනක කාන්තාවන් අද මෙහි රැස්ව සිටින්නේ සම්ප්‍රධායික දේශපාලන රැස්වීමකට නොවෙයි. මේ රට ගොඩ ගත හැකියි කියන විශ්වාසයෙනුයි ඔබ මෙතනට පැමිණ සිටින්නේ. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නිතැතින්ම රැගෙන ආ ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සදාදරණිය මිතුරියන් ලෙසයි ඔබ මේ රැස් වී සිටින්නේ. ශ්‍රී ලාංකික කාන්තාව කවදද ගොඩ එන්නේ කියන දිනය දැනගන්නයි ඔබ ඇවිත් ඉන්නේ. අපිට අවශ්‍යයි ඒ පිළිබඳ ප්‍රතිඥාවක් ඔබට දෙන්න. අපි විශ්වාස කරනවා ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බව. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නුදුරු අනාගතයේ අපි ඉදිරිපත් කරනවා. අපිට ඕන ඒ වැඩපිළිවෙල තුල ඔබට සහනාධාර දෙන්න නෙමෙයි. අපි ඔබට ප්‍රග්ධනයයි සපයන්නේ. ධනය, හැකියාව, ඔබේ විභවය මතු කරගෙන ව්‍යවසායකත්වය ඉහළ නැංවීමයි අපේ අරමුණ. ඒ හරහා ඔබේ පසුපසින් ඔබට ශක්තියක් වෙමින් මේ ශ්‍රී ලාංකික කාන්තාව දිදුලන චරිතයක් බවට පත් කිරීමයි අපේ වෑයම. ඒ සඳහා ඔබ එක මිටට එකතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. මතක තබා ගන්න ඔබේ ඡන්දය තමයි ඉදිරි අනාගතායෙදී මේ රටේ වටිනාම දේ වෙන්නේ .

ඔබ කල්පනාකරලා බලලා තීරණය කරන්න ඔබේ දරුවටත් මේ රටේ නූපන් හෙට දවසේ උපදින දුවා දරුවන්ටත් කොයි විදියටද ඔබ යුතුකම් ඉටු කල යුත්තේ කියලා. අන්න ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා හැඳි මිටට හිර නොවී එක මිටට කඩේ නොගොස් අපි එක්ක එක්ව මේ ගමන යමු කියලා.”යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ “ලිය බල” කාන්තා සමුළුව අමතමින් පැවසීය.

කොළඹ විහාරමහාදේවි එළිමහන් වේදිකාවේ පැවති ලිය බල සමුළුව සඳහා දිවයිනේ විසිරි පැතිරී සිටින කාන්තා ව්‍යවසයිකාවන් ඇතුළු දහස් ගණනක කාන්තා සහභාගිත්වයක් සිදු වූ අතර කාන්තා ව්‍යවසායකත්වය හා රටේ අනාගතය පිලිබඳ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යවසයිකාවන් කිහිප දෙනෙක්ම සිය අදහස් හා දේශන ඉදිරිපත් කළේය. ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩනැගීම හරහා සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම සමුළුව පක්ෂ නායක දිලිත් ජයවීර, පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ පක්ෂයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන්ද සහභාගී වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan