සුඛෝපභෝගී නිවස සූදු පොළක් වෙලා.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): අලුත්ගම නගරයේ සුඛෝපභෝගී නිවසක පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, කොස්ගොඩ, බලපිටිය, අලුත්ගම, කළුතර, බේරුවල, බෙන්තර, අහුන්ගල්ල යන ප්‍රදේශවල සිට පැමිණ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි කාන්තාවන් පිරිසකුයි .

අලුත්ගම නගරයේ සතිපොළ පිහිටි භූමිය ආසන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක ඉහළ මාලයේ මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇත.

මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් තිබෙන්නේ, පහත මාලයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙනුයි .

උපාය දූතිකාවක් යොදවා සූක්ෂම ලෙස සිදු කළ සොයාබැලීමකින් අනතුරුව මෙම කාන්තාවන් පිරිස සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සූදුක්‍රීඩාවේ නිරතවෙමින් සිටි මුදල්ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

වැඩිදුර පරීක්ෂණ අලුත්ගම පොලීසිය සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...