අසිෆ් අලි සර්දාරි දෙවන වරටත් පාකිස්ථාන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්තාන මහජන පක්ෂයේ සම-සභාපති අසීෆ් අලි සර්දාරි පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල ඡන්දයකින් පාලක සභාගයේ සහාය ඇතිව පාකිස්තානයේ ජනාධිපති ලෙස දෙවන වරටත් වැඩි ජන්ද 411ක් ලබාගෙන තේරී පත්ව ඇති බව වාර්තා වේ .

ඔහු හා තරඟ වැදී සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් සහාය දක්වන ඔහුගේ ප්‍රතිවාදියා වූ මෙහ්මූඩ් ඛාන් අචක්සායි ඡන්ද 181ක් ලබාගෙන තිබු අතර නව ජනාධිපතිවරයා අද(10)දිනයේ විශේෂිත උත්සවයකදී දිවුරුම් දෙනු ඇති බවයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණේ,

අසීෆ් අලි සර්දාරි බෙනාසීර් භූතෝහේ මරණයෙන් අනතුරුව 2008 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ අතර ඔහු ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමට මුල් විය.

2011 දී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීම සඳහා එක්සත් ජනපද විශේෂ බලකායේ මෙහෙයුමට සහය දීමත් සමඟ සර්දාරිගේ ගෙවුණු ධුර කාලය තලේබාන් සංවිධානයේ තර්ජන, හමුදාව සමඟ නොසන්සුන් සබඳතා දක්වා අභියෝගවලට මුහුණ දීමට සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලය රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...