*
Monday, March 10, 2025
spot_img

Latest Posts

පොල් ප්‍රශ්නය විසදන්න මේ වසරේදීම ආණ්ඩුව අලුත් වැඩකට අත්ගසයි!

කොළඹ LNW:මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ 10ක් සහ අනෙක් ප්‍රදේශ වල පොල් පැල ලක්ෂ 15ක් වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය වසර දෙක තුනක කාලය බැලුවිට 2024 වර්ෂයේ දී පොල් ඵලදාව අඩු වූ බවත් සාමාන්‍යෙයන් දළ වශයෙන් වර්ෂයක පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000ක් වන බවත් 2024 වර්ෂයේදී එය 10% කින් ඵලදාව අඩු වී තිබේ.

පොල් අඩු වීමට බලපාන ප්‍රධාන කරුණු ලෙස තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු බලපාන බවත් තාක්ෂණික කරුණු ලෙස පොල් ගසට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම,ගසට අවශ්‍ය ජලය ලබා දීම,ගස රැකබලා ගැනීම අදාළ වන බව සභාපතිවරයා කියාසිටියේය..

මේ අතර පොල් අස්වැන්න අඩු වීමට කාලගුණික හා දේශගුණික තත්ත්වයන් හේතුවන අතර පසුගිය වසරේ පැවති අධික උෂ්ණත්වය හා අධික වර්ෂාව පොල් අස්වැන්න අඩු වීමට හේතු වී ඇත.

මේ අතර කෘමි උවදුර ඇතුළු සත්ව උවදුරු සම්බන්ධයෙන් ද මෙවර දැඩි අවධානයක් යොමුකර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පොල් මිල ඉහළ යාම,පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීයි වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා උක්ත අදහස් දක්වා සිටියේ.

මේ අතර සමුපාකාර හා සතොස යන ආයතන හරහා සහහ මිලකට පොල් ලබා දීමට වැඩසටහන් ඉදිරීයේදී ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan