හිටපු ජනපති රනිල් ඇතුළු පිරිසකට එරෙහි පෙත්සම් විභාගයකින් සාමාජික විනිසුරුවරියක් ඉවත් වෙයි

Date:

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ධූර සඳහා පුරප්පාඩු පවතිද්දී ඉකුත් රජය සමයේ ඊට විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාග කරන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දුන් බව වාර්තා වේ.

ඒ, මෙම පෙත්සම විභාගය සඳහා ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බව සඳහන් වේ.

එහිදී සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මෙම නඩු විභාගයෙන් ඉවත්වන බැවින් ඇය නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම මැයි මස 09 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

ජනාධිපති නීතීඥ  සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර, පෙත්සම්කාර ජනාධිපති නීතිඥවරයා කියා සිටින්නේ ඉකුත් නොවැම්බර් මාසය වන විට අභියාචනාධිකරණයේ විනිසුරු ධූර පුරප්පාඩු 05ක් පැවති බවයි.

එම විනිසුරු පුරප්පාඩු පිරවීමට එවක ජනාධිපතිවරයා කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...