දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/10

Date:

  1. මිලියන 01 කට අධික ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ජපානය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට ඇ.ඩො. මිලියන 6.6 ක් ප්‍රදානය කරයි.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඉහළ දැමූ බදුවලට එරෙහිව පවත්නා වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවට උසස් අධ්‍යාපන, වෛද්‍ය, බැංකු, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉහළ වැටුප ලබන රජයේ නිලධාරීහු අනතුරු අඟවති – මාර්තු 15 වන දින වන විට මුළු රටම අක්‍රිය තත්ත්වයට පත්කරන බව ද අනතුරු අඟවති.
  3. ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 07 ක මිල අඩු කරයි – වියලි මිරිස් රු. 1,500; රතු පරිප්පු රු. 339; තිරිඟු පිටි රු. 230; සුදු සීනි රු. 218; රතු කැකුළු රු. 155; සුදු නාඩු රු. 188; ලොකු ළූණු රු. 129.
  4. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ උපායමාර්ගය අප්‍රේල් මස වන විට නිවේදනය කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – මාස 06 කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට ප්‍රථම වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ඇති වන බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, වසර 04 කට යටත් ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකම තම විධායක මණ්ඩලයේ අවසාන අනුමැතිය සඳහා මාර්තු 20 වන දින යොමුකරන බවයි.
  5. නව මහ බැංකු පනත සම්මත වූවහොත් මහ බැංකුව කෙරේ පාර්ලිමේන්තුව දරන බලය ගිලිහී යනු ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ අනතුරු අඟවයි.
  6. එළඹෙන පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු දිගටම සිදු කිරීමට අවශ්‍ය රු. මිලියන 300 කට අධික ඉතිරි මුදල නිකුත් කරන මෙන් භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවත්, අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන මෙන් පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් සිදුකර ඇති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.
  7. කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයේ රැකියා, ආයෝජන සහ පදිංචි වීම් සඳහා නව වීසා ක්‍රමයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැරසෙයි – වසර 05 – 10 කට වැඩි කාලවලට නිරතුරුව යාම් ඒම් සිදුකිරීම සඳහා වීසා ගාස්තුව වසරකට ඇ.ඩො. 200,000 වන අතර, මේ හා සමානම ස්වර්ණමය පාරාදීස වීසා යෝජනා ක්‍රමය (Golden Paradise Visas) යටතේ වීසා ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් තිදෙනෙකු පමණි.
  8. මේ වන විට ඉන්දියාව විසින් ලබා දුන් ඇ.ඩො. බිලියන 01 ක ණය පහසුකමේ ඉතිරිව ඇති ඇ.ඩො. මිලියන 300 ක පමණ මුදල භාවිතා කිරීම සඳහා, මෙම මස අවසානයේ කල් ඉකුත්වීමට නියමිත එම ණය පහසුකම තවත් මාස 06 කින් දීර්ඝ කරන මෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි – මෙම ඉතිරි මුදල ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වීම සඳහා භාවිතා කිරීමට නියමිත බව සඳහන්.
  9. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවට රජය සිදුකරන ප්‍රකාශය සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි – ඇමරිකානු බ්ලූම්බර්ග් ආයතනයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකා රුපියල ලොව සීඝ්‍රයෙන්ම වර්ධනය වූ මුදල් ඒකකය බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.
  10. අලි-මිනිස් ගැටුම හේතුවෙන් මෙම වර්ෂය තුළ මේ දක්වා මිනිසුන් 14 දෙනෙකු සහ ඇතුන් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි – ලොව විශාලතම අලි ගහනය සිටින්නේ ශ්‍රී ලංකාවේ බව ද පවසයි – ඉකුත් වර්ෂය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් 145 දෙනෙකු සහ අලින් 433 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...