සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 11, (LNW)කොළඹ
දකුණු පළාත් බැඩිමින්ටන් සංගමය මෙහෙයවන දකුණු පළාත් බැඩ්මින්ටන් සූරතාවලිය මාර්තු 10 වන දින ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.විවෘත අංශයේ පිරිමි සහ කාන්තා කේවල මෙන්ම යුගල ඉසව් ද,මිශ්‍ර යුගල ඉසව් ද සහිත මෙම තරගාවලියට කණිෂ්ඨ අංශයේ වයස් කාණ්ඩ තරග සහ ප්‍රවීනයන්ගේ වයස් කාණ්ඩ තරගද ඇතුළත්ව තිබෙනවා.තරග කරුවන් 750 ක් පමණ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණ එක් වී තිබෙන අතර තරගාවලිය මාර්තු 16 වන දා දක්වා පැවත්වෙනවා.

දකුණු පළාතෙන් බිහි වූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ තරගාවලිය ලෙස නම් කර තිබෙන මෙම තරගාවලිය දකුණේ ක්‍රිකට් සහ බැඩිමින්ටන් අතර ඇති ඓතිහාසික සම්බන්ධය කියා පාන්නක් වෙනවා.විශේෂයෙන්ම එහි අම්බලන්ගොඩ පුරවරයට වන්නට පිහිටි බැඩිම්න්ටන් ක්‍රීඩාවේ නමගිය පාසල් වන ධර්මාශෝක සහ දේවානන්ද පාසල්වලින් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට බැඩිමින්ටන් ක්‍රීඩාව සමඟ ද සමීප සම්බන්ධයක් තිබෙන බව පැහැදිළි වෙනවා.
ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් සළකා බලද්දි මධ්‍යම පළාත සහ දකුණු පළාත වැඩි දක්ෂයන් පිරිසක් නිර්මාණය කිරීමට නෑකම් කියන බවක් පෙනෙන්නට තිබෙනවා.මෑතම බැඩිමින්ටන් අත්දැකීම වන 100 ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ කේවල පිරිමි අනු සූරයා වූ බුවනෙක ගුණතිලක ද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිිසි අයෙක් වෙනවා.එසේම වත්මන් කාන්තා සූරිය වන රනිත්මා ලියනගේ ද බද්දේගම ක්‍රිස්තුදේවය පදනම් කරගෙන නිර්මාණය වූ ක්‍රීඩිකාවකි.

ඔලිම්පික් නියෝජනයේ සිටින නිලූක කරුණාරත්නත් දකුණට සම්බන්ධ ඒ හරහා සිය බැඩිමින්ටන් ජිවිතය ආරම්භ කළ ක්‍රීඩකයෙකු වන අතර තිළිණි ජයසිංහ මෙන්ම 2024 ඔලිම්පික් නියෝජනය කළ විරේන් නෙත්තසිංහ ද මධ්‍යම පළාතේ මහනුවර සමඟ බැඳුණු චරිත වෙනවා.
මීට හේතුව ලෙස දකුණ සහ මධ්‍යම මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පවතින රැකට් භාවිත ඉසව් සම්බන්ධ සංස්කෘතිය හේතු විය හැකියි.එයට ඉතිහාසයක් තිබෙන අතර ටේබල් ටෙනිස් සහ ටෙනිස් ක්‍රීඩාවේ ද මෙවැනි සම්බන්ධයක් දකින්නට තිබෙනවා.ඒ අතර විශේෂයෙන් ගෘහස්ත ඉසව් ලෙස තරගකාරී මට්ටමේ දී ක්‍රියාත්මක මේස පන්දු සහ බැඩිමින්ටන් විශේෂ වෙනවා.

මේ සංස්කෘතික ගමන යම් තැන්වලදී බිඳ පෙරට පැමිණි පිරිස අතර අනුරාධපුරයෙන් පැමිණි චන්ද්‍රිකා ද සිල්වා වැන්නියන් හැඳින්විය හැකි අතර දුමින්ද ජයකොඩි,නිරෝෂන් විජේකෝන්,ප්‍රියන්ත විජේසේකර වැනි චරිත ඇතුළත් ඉතිහාසයක් ද වෙනවා.එහෙත් සුවිශේෂි වූ බහුතර ක්‍රියාකාරකම් රැසක් දකුණ සහ මහනුවර සමඟ මෙම ක්‍රීඩාවල බැඳී සිටින බවක් දකින්නට හැකි අතර වර්ථමානය වන විට එම තත්ත්වය විසිරි රට සිව් අතට ඇඳී යන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන්නේ වත්මන් බැඩිමින්ටන් පරිපාලනය ජාතික මට්ටමෙන් බැඩිමින්ටන් ස්ථාපිත කිරීම සඳහා දක්වන උනන්දුව සහ කැපවීම නිසයි.

කෙසේ හෝ දකුණ බැඩිමින්ටන් ලාංකේය වංශ කතාවේ සුවිශේෂී සුවිශාල ඉතිහාසයක් ඇති බිමක් වන අතර මේ දකුණු පළාත් බැඩිමින්ටන් තරගාවලිය තුළින් ඒ ඉතිහාසය ස්මරණය කළ හැකි දක්ෂතා ද ඉදිරිපත් වීම වැදගත් වෙනවා.එහෙත් මේ වන විට ඊට අභියෝග කළ හැකි පුළුල් ලෙස දැකිය හැකි ක්‍රීඩාවේ විසිරීමේ ධනාත්මක ලක්ෂණ නිසා දකුණු රටටම විවෘත කර ඇති තරගාවලියේ ජය කුමන පෙදෙසක කුමන අයෙකුට හිමි වේදැයි තීරණය කිරීම තරග මොහොතට අදාළ දක්ෂතා අනුව තීරණය වනු ඇත.

මේ සමඟ ඇත්තේ දකුණු පළාත් බැඩිමින්ටන් තරගාවලියේ සමාරම්භය සහ මුල් දිනයේ තරග ආරම්භය සිඳු වූ ආකාරයට සාක්ෂි වන ඡායාරූප කිහිපයකි.

