විවෘත වරෙන්තුවක් ඇති දේශබන්දුගේ රීට් පෙත්සම විභාගයට!

Date:

කොළඹ LNW:තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොණු කරන ලද රීට් පෙත්සම වැඩිදුර විභාග කිරීම අද (12) සිදුකෙරුණි.

ඒ අනුව එහි තීන්දුව එළඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණ තීරණය කර තිබේ.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක්ද නිකුත් කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 28 වැනිදාය.

ඒ,2023 දෙසැම්බර් 31 වනදා මාතර,වැලිගම,පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවය.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර තිබේ.

එම වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය.

පසුගිය 28 වැනිදා සිට මේ දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාන රැසක් පරීක්ෂාවට ලක්කර ඇතත් එම කිසිදු ස්ථානයකින් තෙන්නකෝන් මහතා සොයා ගැනීමට හැකි වී නැති අතර මේ වන විට ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...