එජාපයේ නවතම මෙහෙයුම: “කැමති වුනත් අකමැති වුනත්,… කැමති වෙන්න වෙන්නේ රනිල්ට..”

මීට ටික දිනකට ඉහත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ අග්‍රාමාත්‍ය නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරේ වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

මෙම කතාබහ අතරේ එක්සත් ජාතික පක්ෂයට හිතැති සමාජ මාධ්‍ය ජාලා හරහා #LIKE RANIL නම් ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

තරුණ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති එම ව්‍යාපාරය ”කැමති වුනත් අකමැති වුනත්,… කැමති වෙන්න වෙන්නේ රනිල්ට..” යන තේමාවෙන් යුතුව පවත්වාගෙන යයි.

ඒ අනුව නව එක්සත් ජාතික පක්ෂ ව්‍යාපාරයේ ප්‍රවර්ධන වැඩසටහන ඉකුත් සිකුරාදා (11) දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

මෙම ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් සහ ආසන සංවිධායකවරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාශයකම ක්‍රියාත්මක වේ.

ඡායාරූප: ද ලීඩර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...