ගීතාට හා ඩයනාට රාජ්‍ය අමාත්‍ය පට්ටම්

ගීතා කුමාරසිංහ හා ඩයනා ගමගේ මන්ත්‍රීවරියන් දෙදෙනාට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂයට එක්කර ගෙන තිබුනේ ඇයට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් පුරප්පාඩු වී ඇතැයි ‘දේශය’ ජාතික පුවත්පත වාර්තාකර තිබේ.

ලොහාන් රත්වත්ත, සුසිල් ප්‍රේමජයන්ත සහ දිලුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරුන් දැරූ රාජ්‍ය ඇමැති ධුර මෙලෙස පුරප්පාඩු වී ඇතැයි එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යංශයේ රාජකාරි සම්බන්ධයෙන් හටගත් අර්බුද නිසා රජයේ උපදෙස් මත ඉල්ලා අස්විය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ දේශපාලන විවේචනයන් නිසා තනතුරින් ඉවත් කරනු ලැබීය.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කිරීම නිසා එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

මෙයින් ලොහාන් රත්වත්ත විසින් දරන ලද බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ට පැවරෙනු ඇතැයි වාර්තාවෙයි.

එසේ වුවද සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය පදවිය සහ දිලුම් අමුණුගම ගේ රාජ්‍ය අමාත්‍ය පදවිය තවදුරටත් පුරප්පාඩුව පවතී.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...