ඩොලරය පිළිබදව කැබිනට් තීන්දුව හා මහ බැංකු ප්‍රකාශය එකිනෙක​ට පරස්පරයි!

විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවන රු.10ක දිරි දීමනාව රු. 38 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

මාර්තු 08 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වාර්ෂිකව ඇමෙ. ඩො. බිලියන 7-8 කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි.

කෙසේ නමුත් වහා ම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 230කට නොවැඩි මට්ටමක පවත්වා ගෙන යාමට තීරණය කළ බවට ද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

මෙලෙස විනිමය ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවීම සහ ඩොලරයක විකුණුම් මිල සම්බන්ධයෙන් පවතින පරස්පර අදහස පිළිබව අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක විසින් ප්‍රශ්න කරනු ලැබීය.

විගමනික ශ්‍රමිකයින්ට රු. 38ක මුදලක් වැඩියෙන් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඩොලර් එක ඊයේ දවසේ රුපියල පා කිරීම ත් සමග රු. 230ක් වෙනවා කියලා මහ බැංකුව නිවේදනය කර තිබුණු බව සඳහන් කරමින් ඩොලරයේ අගය කීය වුණ ත් පිටරටවලින් ශ්‍රමිකයෝ එවන මුදල්වලට මේ ගාණ ගෙවනවාදැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන අසන ලද ප්‍රශ්නයකට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මේ ප්‍රශ්නය ගැන මහ බැංකු අධිපතිතුමා හෙට විශේෂ සාකච්ඡාවක් තියලා මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඊයේ කැබිනට් මණ්ඩලය මේ තීරණය ගන්නකොට මහ බැංකුව මේ තීරණයට ප්‍රවේශ වෙලා තිබුණේ නෑ. එතකොට නිශ්චිත අගයක් තිබ්බා 210 ක් ඩොලරයකට. නමුත් විදේශ සම්ප්‍රේෂණ වෙනුවෙන් අමතරව රු. 10ක් ගෙවන්න ඕනේ කියලා විශ්වාසයෙන් තම යි ඒකෙන් කටයුතු කළේ. නමුත්, රටට ලැබිය යුතු සම්ප්‍රේෂණ විශාල වශයෙන් අඩු වුණා නීතිවිරෝධී වෙනත් වයාපාර ඔස්සේ මේ මුදල් රුපියල් විදියට රටට ඇතුළත් වුණා. ඒ නිසා තමයි අර යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණේ. පස්සේ මහ බැංකුව මේ තීරණය ගත්තේ. මේ ගැන හෙට දවසේ තාක්ෂණික පැහැදිලි කිරීමක් මහබැංකු අධිපතිතුමා විසින් සිදු කරයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...