හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන මෝඩයෝ තමා අපේ දර ලිප් කතාවට විහිළු කරන්නේ – හඳුන්ට මළ පනී

Date:

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇති දර ලිප් ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රකාශය විහිළුවට ගන්නේ මෝඩයින් සහ කුලියට කහින්නන් බවත් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ බලශක්ති අර්බුදය විසඳීමේ ක්‍රියාමාර්ග 23ක් ඇති බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“සමහර අය කතා කරන්න පටන් අරන් තියෙනවා අපේ බලශක්ති ප්‍රතිපත්ති ගැන කතා කරලා, මේ අපි දර උඳුන්වලින් දරවලින් උයන්න පිහන්න පටන් ගන්නවා, අපේ කාන්තාවො ලෑස්ති කරන්න වෙනවා දරවලින් උයන්න කියලා විහිළුවට ලක් කරලා තියෙනවා. මේකෙ 82 වෙනි පිටුවේ තියෙන්නෙ බලශක්ති අර්බුදය විසඳන්න අපේ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ ක්‍රියාමාර්ග 23ක්. එතකොට 23කින් එකක් පෙන්වනවා මොකක්ද, “ජෛව මූල බලශක්ති ප්‍රභවයන් – වරහන් ඇතුළෙ අපි කියන්නෙ දර, පොල්කටු අඟුරු – භාවිතය පිළිබඳ පර්යේෂණ දිරිගැන්වීම සහ එම ප්‍රභව භාවිතා කරන උපකරණ නවීකරණය කර ප්‍රචලිත කිරීම. නැතුව මේ මුළු ලංකාවෙම අනිත් ඔක්කොම බලශක්ති ප්‍රභවයන් ඔක්කොම වහලා දාලා දරලිපට බහිනවා කියන එක නෙවෙයි. හැබැයි අර හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන මෝඩයෝ ඉන්නවානෙ අපේ රටේ. මොකද ඒ පක්ෂවලින් කුලියට කහින, පක්ෂවලින් ආණ්ඩුවෙ ජනතාවගේ සල්ලිවලින් පඩි ගන්න, ඇත්තටම පක්ෂවලිනුත් නෙවෙයි, ජනතාවගේ බදු මුදල්වලින් රැකියා අරගෙන පක්ෂවලට වැඩකරන කඩේ යන කට්ටිය ඉන්නවානෙ, ඒගොල්ලො හඳ පෙන්නුවායින් පස්සෙ හඳ දිහා බලන්නෙ නෑ, බලන්නෙ ඇඟිල්ල දිහා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) ජාජබ ආර්ථික කවුන්සිලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...