ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW):අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.

විදුලි පාරිභෝගික ආරක්ෂණ නීති, නියාමන ආයතනයේ සහ අනෙකුත් පිහිටුවන ආයතනවල කාර්‍යාභාරය වෙන් වෙන්ව සඳහන් කිරීම, පවතින විදුලිය මිලදි ගැනීමේ ගිවිසුම් පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, විදුලිය ප්‍රසම්පාදන කටයුතු වල නීතිමාලාව, පවතින මූල්‍ය සහ අනෙකුත් වගකීම පිළිබඳව කටයුතු කිරීම, සේවකයන් නව සමාගම් වෙත අනුයුක්ත කිරීම, ස්වකැමැත්තෙන් ඉවත්වන සේවකයන් වෙනුවෙන් කටයුතු කරන ආකාරය, විශ්‍රාම සහ පාරිතෝෂ දීමනා පිළිබඳව වගකීම, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සහ ක්‍රමවේදයන් වැනි කරුණු සම්බන්ධයෙන් ජනවාරි මස වනවිට ක්ශේත්‍රයේ පාර්ශවකරුවන් හා සංවර්ධන නියෝජිත ආයතන මගින් ලැබුණු යෝජනා මෙන්ම නිර්දේශයන් නීති කෙටුම්පත් කාර්යංශය විසින් කෙටුම්පත් කර ඇති අතර, පනත කඩිනමින් අවසන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

නීතිපතිවරයාගේ නිෂ්කාෂණය සහ පනතට අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ලැබීමෙන් පසු එය ගැසට් පත්‍රයේ පල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...