*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

අලුත් අවුරුද්දේ ලොකු ලූනු නැතුව කෑම හදමු!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): ඉදිරි අලුත් අවුරුදු සමයේදී දැඩි ලෙස ලොකු ලූනු හිඟයක් මතුවීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර, පකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට ලොකු ලූනු මිල ගණන් ඊයේ (12 වැනිදා) දිනයේදී තවත් ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක ලොකු ලූනු කිලෝවක තොග මිල ඊයේ දිනයේදී රුපියල් 580 ත් 630ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර, ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 700ක් දක්වා වැඩිවී තිබුණි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ, ලොකු ලූනු හිගයට පිළියමක් ලෙස රජය මැදිහත් වී ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට කටයුතු කරන ලෙසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දුගෙන් ඊයේ ඉල්ලීමක් කළ බවයි.

ලොකු ලූනු හිඟය සඳහා වහා පියවර නොගතහොත් ඉදිරි සතියේදී කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවා යනු ඇතැයි ද වෙළෙන්දෝ අනතුරු අඟවති.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ, පාකිස්ථානයෙන් ලොකු ලූනු ආනයනය කරනු ලබන්නේ ශීතාගාරවල බවත්, එම ලොකු ලූනු තොග ශීතාගාරවලින් එළියට ගැනීමෙන් පසු තබා ගැනීමට හැකිවන්නේ සති දෙකක හෝ තුනක කාලයක් පමණක් බවත්, ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කළහොත්, ඒවායෙහි පවතින වියළි තත්ත්වය නිසා එම ලූනු මාස තුනක පමණ කාලයක් තබා ගැනීමට හැකි බවත්ය.

පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු ශීතාගාරවල තබා ගැනීමට සිදුවීම නිසා කිලෝවකට රුපියල් 40ක අමතර වැය බරක් දැරීමට සිදුවී ඇතැයි ද, මේ නිසා එම ලොකු ලූනු මිල ගණන් ඉහළ යන බව ද ඔහු පැවසීය.

පාකිස්ථානයෙන් ලොකු ලූනු තොග ගෙන්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රුපියල් මිලියන 700ක පමණ මුදලක් වැයකර ඇතත්, ලොකු ලූනු අපනයනය එරට විසින් නතර කිරීම නිසා එරටින් ලොකු ලූනු තොග නැව්වලට පටවා ඇත්තේ ඉල්ලුමෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවද පැවසේ.

කෙසේ නමුත් රටේ උද්ගතව තිබෙන ලොකු ලූනු හිඟයට විසඳුම් සෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇතත් ලොකු ලූනු තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිසි එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇතැයිද අනාවරණය වේ.

පකිස්තානයෙන් ලොකු ලූනු තොග ලබා නොදීම නිසා පෝලන්තයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට සැලසුම් කර ඇතත්, පෝලන්තයේ සිට මෙරටට ලොකු ලූනු ආනයනය කිරීමට මාසයකට ආසන්න කාලයක් ගතවන බවත්, එම තොග අලුත් අවුරුදු සමයේදී ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයිද අනාවරණය වේ.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය නතර කර ඇතත් තමන්ට ලොකු ලූනු තොග ලබාදෙන ලෙස බංග්ලාදේශය ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර ඇතත් ලංකා රජය තවමත් එම ඉල්ලීම කර නැතැයිද පැවසේ.

මේ අතර රජය විසින් අලුත් අවුරුදු සමයේදී ආහාර වර්ග පහක මිල අඩු කිරීමට සැලසුම් කර ඇති අතර මෙම ආහාර වර්ග අතර ලොකු ලූනු ද වේ. ලොකු ලූනු ආනයනයේදී කිලෝවකට මේ වනවිට රුපියල් 80 ක බදු මුදලක් අය කෙරෙන අතර, ඉදිරි දිනවලදී ලොකු ලූනු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පමණක් පැනවීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව ලොකු ලූනු සඳහා පනවා තිබෙන අනෙකුත් බදු අහෝසි වන අතර ලොකු ලූනු කිලෝවකට අය කෙරෙන ආනයනික බද්ද රුපියල් 70 කින් පමණ අඩුවන බව පැවසේ..

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan