දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ඊයේ (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල පීටර්සන් පටුමගේ පිහිටි සී ශාර්ක් හෝටලයේ හිමිකරු වන ශාන්ත බාලසූරිය නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම හෝටලයේ සිටියදී යතුරුපැදියකින් හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු ඊයේ රාත්‍රී 07.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් හිසට, පපුවට සහ උදරයට බරපතළ තුවාල සිදුවූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මෙය මේ වසරේ වාර්තා වූ දෙවැනි වෙඩිතැබීමේ සිද්ධිය වන අතර, මෙම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...