දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ඊයේ (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල පීටර්සන් පටුමගේ පිහිටි සී ශාර්ක් හෝටලයේ හිමිකරු වන ශාන්ත බාලසූරිය නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම හෝටලයේ සිටියදී යතුරුපැදියකින් හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු ඊයේ රාත්‍රී 07.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් හිසට, පපුවට සහ උදරයට බරපතළ තුවාල සිදුවූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මෙය මේ වසරේ වාර්තා වූ දෙවැනි වෙඩිතැබීමේ සිද්ධිය වන අතර, මෙම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...