චීනය පුරා හරිතකරණ වැඩපිළිවෙළක් ඇරඹේ!

කොළඹ LNW:චීනයේ 46වන රුක්රෝපණ දිනය ඊයේ (12) දිනට යෙදී තිබුණි.

රුක්රෝපණ දිනය නිමිති කරගෙන චීන ජාතික හරිතකරණ කොමිසම වාර්තාවක් නිකුත් කර තිබෙන අතර 2023 වසරේ චීනයේ කඳු, ගංගා, වනාන්තර, ගොවි බිම්, වැව්, තණ බිම් හා කාන්තාරවල ආරක්ෂාව හා කළමනාකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙනයමින් පරිසර හරිතකරණය සාර්ථක ව ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව 2023 වසරේ අක්කර මිලියන 10ක පමණ ඉඩම්වල රුක්රෝපණය සිදු කර ඇති අතර තණ වගා කිරීමෙන් අක්කර මිලියන 11ක පමණ ඉඩම්වල ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට ද චීනය සමත් වී ඇත.

එම කාලයේ අක්කර මිලියන 5ක පමණ කාන්තාර ප්‍රදේශ හරිතකරණය කර තිබේ. එමෙන්ම චීනය ජාතික මට්ටමින් ජෛව පද්ධතිය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘති 96ක් ද ඉඩම් හරිතකරණය කිරීමේ ආදර්ශ ව්‍යාපෘති 25ක් ද ක්‍රියාත්මක කළ බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...