චීනය පුරා හරිතකරණ වැඩපිළිවෙළක් ඇරඹේ!

Date:

කොළඹ LNW:චීනයේ 46වන රුක්රෝපණ දිනය ඊයේ (12) දිනට යෙදී තිබුණි.

රුක්රෝපණ දිනය නිමිති කරගෙන චීන ජාතික හරිතකරණ කොමිසම වාර්තාවක් නිකුත් කර තිබෙන අතර 2023 වසරේ චීනයේ කඳු, ගංගා, වනාන්තර, ගොවි බිම්, වැව්, තණ බිම් හා කාන්තාරවල ආරක්ෂාව හා කළමනාකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙනයමින් පරිසර හරිතකරණය සාර්ථක ව ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව 2023 වසරේ අක්කර මිලියන 10ක පමණ ඉඩම්වල රුක්රෝපණය සිදු කර ඇති අතර තණ වගා කිරීමෙන් අක්කර මිලියන 11ක පමණ ඉඩම්වල ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට ද චීනය සමත් වී ඇත.

එම කාලයේ අක්කර මිලියන 5ක පමණ කාන්තාර ප්‍රදේශ හරිතකරණය කර තිබේ. එමෙන්ම චීනය ජාතික මට්ටමින් ජෛව පද්ධතිය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘති 96ක් ද ඉඩම් හරිතකරණය කිරීමේ ආදර්ශ ව්‍යාපෘති 25ක් ද ක්‍රියාත්මක කළ බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...