ගුවන් ටිකට් පත් වංචාවක් සම්බන්ධයෙන් ඇල්ලූ ව්‍යාපාරික කාන්තාවක් රිමාන්ඩ්

Date:

යුරෝපා රටවලට යාම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් අඩු මිලට ලබාදෙන බව පවසමින් කොළඹ ව්‍යාපාරිකයින් රැසකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගුවන් ටිකට් පත් අලෙවි ආයතනයක හිමිකාරිනියක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු එම කාන්තාව ඊයේ (12) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ගුවන් ටිකට් පත් ලබාදෙන බව පවසා කොළඹ 07 ධර්මපාල මාවතේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 13ක් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව සැකකාරියව පෙරේදා (11) දිනයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ ඇය පදිංචිව සිටි කොට්ටාව ප්‍රදේශයේ නිවසින් බඩු භාණ්ඩ ද අස් කරගෙන වෙනත් ප්‍රදේශයකට පළා යාමට සූදානම් වෙමින් සිටියදී ය.

මෙම සැකකාරිය අඩු මිලට ගුවන් ටිකට් පත් රැගෙන දෙන බව පවසා ව්‍යාපාරිකයින් රැසක් රවටා විශාල මුදලක් වංචා කර ඇති බව අධිකරණය හමුවේ පැවසූ විමර්ශන නිලධාරීහු එසේ වංචාවට හසුවූ ඇතැම් ව්‍යාපාරිකයින් ලැජ්ජාව නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වන බවත් සඳහන් කළහ.

එසේම මෙම සැකකාරියට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ද මේ හා සමානම නඩුවක් පවතින බවත් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

එම කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර කාන්තාව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඇයව ලබන 18 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ටත් නියම කළේය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සංජීව ඇන්තනි පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ ඇන්ටන් සේනානායක පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...