අද සිට දින 14ක් මධ්‍යම අධිවේගයේ කොටසක් එක් මංතීරුවකට සීමා වේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14, කොළඹ (LNW):අද සිට දින 14ක කාලයක් ,අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්  මධ්‍යම අධිවේගී මාර්ගයේ  කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇත.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටසේ මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිතව ඇත,

මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු වේ.

පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...