ඔබත් ජපන් සුසුකි මෝටර් රථයක් පාවිච්චි කරන්නෙක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): සුසුකි ‌මෝටර් රථ සමාගම (Suzuki Motor Corporation Japan) විසින් Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුසුකි වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලකි සමාගම (AMW) විසින් සුසුකි වැගන් ආර් මෝටර් රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු, අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි. විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙනු ඇත. මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බවයි.

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇති අතර, බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී.

මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇති අතර, මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 0117 609609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව දන්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...