නාමල් රාජපක්ෂ ජනපති කිරීමේ මූලාරම්භය මේ පළාත් පාලන මැතිවරණයෙන් ගන්නවා – තිස්සකුට්ටි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නාමල් රාජපක්ෂ මහතා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ වැඩසටහනේ මූලාරම්භය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

“පසුගිය කාලසීමාව තුළ නිහඬව දිස්ත්‍රික්කවලට යමින්, ගමින් ගමට වැඩසටහනට යමින්, නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක මේ ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ රටේ මීළඟ නායකයා නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ. එදාත් අපි ඒක කිව්වා. අද වෙනකොට වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකමත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සියල්ලක්මත් අද මේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මේ රටට වැඩ කරපු නායකයා මහින්ද රාජපක්ෂ. මේ රටේ යුද්ධය නවත්වපු නායකයා මහින්ද රාජපක්ෂ. ඒ නිසා මහින්ද රාජපක්ෂ කඳවුරේ මීළඟ නායකයා විදියට තමයි නාමල් රාජපක්ෂ තරුණ නායකයාත් එක්ක මේ වැඩපිළිවෙල යන්නෙ. අපි මේ පළාත් පාලන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ වැඩසටහනේ මූලාරම්භය මේ මැතිවරණයෙන් තියනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු අපි විසින් බිම් මට්ටමෙන් සකස් කරගෙන යනවා”

ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...